IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


චීන සෝපානයෙන් මළ සිරුරක්

චීනයේ සියෑන් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක විදුලි සෝපානයක් ක්‍රියා විරහිත කර මාසයකට පසු යළි විවෘත කරද්දී එහි මියගිය කාන්තාවක සිටි බව චීන මාධ්‍ය වාර්තා කරයි. විදුලි සෝපානය ක්‍රියාවිරහිත කරන අවස්ථාවේ ඇය එහි සිර වන්නට ඇතැයි ද යළි මාසයකට පසු ක්‍රියාත්මක කරනතුරු කිසිවකුගෙන් උදව් ලබාගත නොහැකිව හාමතේ මිය යන්නට ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.

මියගිය කාන්තාව 43 හැවිරිදිය. ඇය එම නිවාස සංකීර්ණයේ නිවසක තනියම ජීවත් වූ බවත් ඇය මෙලෙස විදුලි සෝපානයේ හිර වූ බව හෝ අතුරුදන් වූ බව කිසිවකු විසින් නොදැන සිටින්නට ඇති බවත් නිවාස සංකීර්ණයේ බලධාරීන් පවසයි. පසුගිය ජනවාරි 30 වැනි දා මේ සෝපානය අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ක්‍රියාවිරහිත කළ විදුලි සෝපානය යළි ක්‍රියාත්මක කර ඇත්තේ මාරතු 01 දාය. පසුගිය කාලයේ පැවති අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් විදුලි සෝපානය අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වූ බව ද බලධාරීන් පවසයි.



අදහස් (0)

චීන සෝපානයෙන් මළ සිරුරක්

ශාන් Monday, 07 March 2016 11:03 AM

විදුලි සොපනවල ප්‍රධාන විදුලිය අක්‍රීය වුවද එය ඇතුලට යමෙක් සිටීනම් ඔහුට සෝපානය තුල සිට යම් අනතුරු හැගවීමක් කළහැකි ආකාරයට උපකරණයක් නිර්මාණය කර සවිකළ යුතුය හදිසි විදුලිය බිද වැටීම් ගිනිගැනීම් වැනි අවස්ථාවලදී විදුලි සෝපාන ක්‍රියාත්මක වෙමින් තිබු ස්ථාන වල නැවතීම මගීන් එය තුල මගීන් සිරවීම සිදුවන නිසා විදුලිය නොමැතිව යම් වායුවක් ගබඩා කල කුඩා සිලින්ඩරයක් මගින් ක්‍රියා කළහැකි නලාවක් පිටතට එය ඇසෙන සේ සෝපානයෙන් දොරේ සවිකර මෙය සෝපානය තුල සිට යම් බොත්තමක් මගින් ක්‍රියා කරවීමට සැලැස්විය යුතුය (හේ)

:       0       0

ද සිල්වා Tuesday, 08 March 2016 06:33 AM

කොහොමත් මේ සෝපානය තිබෙන්නේ චිනෙනේ , අපේ ලංකාවේ තිබෙන සෝපාන වලින් 95% විතර අනතුරු ඇඟවීමේ බොත්තම් තිබෙනවා , චීන බඩු ඔහොම තමා. (ර)

:       0       0

ඩී.උපුල් Monday, 07 March 2016 01:17 PM

ශාන් මේක ගල් යුගයේ සෝපානයක්. අලුත් සෝපානවල ආරක්‍ෂිත උපකරණ තියනවා.(හේ)

:       0       0

රොහාන් දයාදර Sunday, 06 March 2016 07:48 PM

චීනය ලෝකයේ මිනිස් ජීවිතයකට අවම තක්සේරුවක් තියෙන රටක් කියලා මුළු ලෝකයම දන්නවා (නි)

:       0       0

රොෂේන්- රියාධ් Monday, 07 March 2016 09:22 AM

මිය ගිය කාන්තාව මිය යන තෙක් මුහුණ දුන් ඒ අත්දැකීම ගැන සිතද්දී දුකයි. (ර)

:       0       0

විමල් Tuesday, 08 March 2016 08:11 AM

විදුලි සොපනයක මාසයක් ගතවෙන අලුත් වැඩියාවක් ගැන හිතාගන්න අමාරුයි. (ර)

:       0       0

එස්.එස්. Tuesday, 08 March 2016 08:32 AM

සිල්වා හැබැයි ලංකාවේ තියෙන සෝපාන වලින් 95% ක්ම චීන බඩු. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site