
චීන විදේශ ඇමැති වෙංග් ඊ ඉන්දියාවට පැමිණියේය. චීන විදේශ ඇමැතිවරයාගේ මෙම සංචාරය ‘හදිසි සංචාරයක්’ යැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.
චීනයත් ඉන්දියාවත් අතරේ දේශසීමා අර්බුද පවතී. 2020 වසරේදී ඉන්දු චීන දේශසීමාවේ දරුණු අවි ගැටුමක් සිදුවිය. එම සිදුවීමෙන් පසු ඉන්දියාවත් චීනයත් අතර පැවැතියේ අර්බුදකාරී තත්ත්වයකි.
එම සිදුවීමෙන් පසු, චීන රජයේ ඉහළ නිලධාරියකු ලෙස විදේශ අමාත්‍ය වෙංග් ඊ ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
වීන විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් අතරේ හමුවක් පැවැත්විණි. එහිදී දෙරටේ සබඳතා සම්බන්ධයෙන්, ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් නොව, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි. රුසියාව, ඉන්දියාවේත් චීනයේත් සමීපතම මිතුරාය.
ඉන්දීය විදේශ ඇමැති හමුවී සාකච්ඡා කිරීමෙන් පසු චීන විදේශ ඇමැති වෙංග් ඊ නේපාලයේ කත්මණ්ඩු අගනුවර බලා පිටත්ව ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
චීන විදේශ අමාත්‍යවරයා ඉන්දියාව බලා පැමිණියේ පාකිස්තානයේ ‘ඉස්ලාමීය සහයෝගීතා සමුළුවට’ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වෙමිනි. ‘ඉස්ලාමීය සහයෝගීතා සමුළුව’ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වුණේ ඉස්ලාමීය රටවල විදේශ ඇමැතිවරුන් ඇතුළු නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙනි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන විදේශ ඇමැති හිටිහැටියේ ඉන්දියාවට