ලක්ෂ 10 කට අධික මීමැස්සන් සංඛ්‍යාවක් තම සිරුරේ රදවාගත් චීන ජාතිකයෙක් මීමැස්සන් වැඩිම ගණනක් තම සිරුරේ රදවාගත් පුද්ගලයා ලෙස වාර්තා පොත් අතරට එක්විය.ඔහු මීමැසි ගොවිපළක හිමිකරුවෙකි.
ගාවෝ බින්ගුවෝ නම් මේ පුද්ගලයා වාසය කරන්නේ චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ ටයියාන් ප්රදේශයේය.මීමැස්සන් පිළිබඳ ඔහුගේ දැනුමත්,විසල් මීමැසි ගොවිපළත් නිසාම ඔහු අසල්වාසීන් අතර හැදින්වෙන්නේ මීමැසි රජු ලෙසටය.
මීමැස්සන් තමන්ගේ සිරුරට ආකර්ෂණය කරගනු වස් ගාවෝ මීමැසි රැජිණියන් දස දෙනෙකු තම සිරුරේ රදවාගැනීමට මුලින්ම කටයුතු කළේය.නිමේෂයකින් ඔහුගේ සිරුර මීමැස්සන්ගෙන් වැසී ගියේය.පොදියක් මෙන් පෙනුණූ මීමැසි රංචුව යටින් මිනිසෙකු සිටින බව හදුනාගැනීමට තිබුණු එකම සළකුණ වූයේ ගාවෝ තම මුවේ රදවාගෙන සිටි දුම්වැටියයි.
ගාවෝ මීමැස්සන්ගෙන් වැසී ගිය පසු ඔහුගේ බර කිරීම සිදුවුණු අතර එයින් ලබාගත් අගයෙන් ගාවෝගේ සිරුරේ කිලෝ 110 කට ආසන්න මීමැස්සන් ප්‍රමාණයක් රැදී සිටින බව සොයාගැනීමට හැකිවිය. මීමැස්සන් කිලෝග්‍රෑමයක මැස්සන් දසදහසක් පමණ සිටිතැයි සැළකෙන අතර ඒ අනුව ගාවෝගේ සිරුරේ වසා සිටි මුළු මීමැස්සන් සංඛ්‍යාව ලක්ෂ 10 කට ආසන්නයැයි නිගමනය කෙරුණි.
මින් පෙර වාර්තාව පිහිටුවා තිබුණේ කිලෝග්‍රෑමයක 85 ක් බැරැති මීමැස්සන් තොගයක් සිරුරේ රදවාගෙන සිටි පුද්ගලයෙකි.
වාර්තාව පිහිටුවන අතරතුරේදී ගාවෝ 2000 වතාවක් පමණ මීමැස්න්ගේ දෂ්ඨ කිරීම් වලට ලක්විය.අවසානයේ මීමැස්සන් පළවාහැර ගාවෝට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සිදුවුණු අතර ඒ වන විට ඔහුගේ සිරුරේ උෂ්ණත්වය සෙල්සියන් අංශක 60 ක් වැනි භයානක අගයක් දක්වා ඉහළ නැග තිබුණි.
නමුත් කිසිත් වෙනසක් නොපෙන්වූ ගාවෝ සිටියේ ලෝක වාර්තාවක් පිහිටුවීමට හැකිවීම නිසා උපන් සතුටෙන් උදම්වීය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන මීමැසි රජා වාර්තාවක් තබයි
දුමින්ද Thursday, 28 May 2015 10:33 AM
රජ වැඩ කළ රජවරු (බ)
මහින්ද පී. කුරේරා ලිබියාව Thursday, 28 May 2015 04:50 AM
මම දන්න තවත් රජෙක් වාර්තාවක් තිබ්බා හොරා කාලා (බ)
තරිඳු Thursday, 28 May 2015 12:04 PM
මහින්ද පී. කුරේරා ලිබියාව තම ඒ රජාව අහු වුනේ නෑ නේද?මුකුත් ඔප්පු වුනෙත් නැති ගානයි (බ)
සමන්ති Wednesday, 27 May 2015 01:31 PM
මි මැස්සන්ට රජෙක් නැහැ .(අ)