IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චීන භූමි කම්පාවෙන් මියගිය ගණන 100 ට නගී

චීනයේ ගොන්ෂූ පළාතේ ඩින්ග්සී නගරය කැළැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 100 තෙක් ඉහළ ගොස් ඇති බවත් තුවාල ලැබූ ගණන 700 ක් බවත් චීන බලධාරීහු ඊයේ (23) නිවේදනය කළහ.

රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 6.6 ක් සටහන් කළ එම භූමි කම්පාව හටගත්තේ පෙරේදා (22) උදෑසන කැළැඹී ගියේය. එම භූමි කම්පාවෙන් පසු, පසුකම්පන 400 ක් හට ගත්තේය. ඒවා ද රික්ටර් මාපකයේ ඒකක 3 ත් 4 ත් අතර අගයන් සටහන් කළේය.

ගොන්ෂූ පළාතේ මිලියන 26 ක පිරිසක් ජීවත් වෙති. ඔවුහු බොහෝ දෙනා ගොවීහුය. භූමි කම්පාවෙන් උන්හිටිතැන් අහිමි වූ පිරිස් සඳහා අවශ්‍ය සහනාධාර බෙදා දීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇතැයි චීන බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති. සහන සේවා කටයුතුවලට හමුදාවේ ද සහාය හිමි වී ඇත.

2008 වසරේ චීනයේ ෂින්හුවා පළාත අති ප‍්‍රබල භූමි කම්පාවකට ගොදුරු විය. එයින් මියගිය ගණන 90,000 කි. සිදුවුණු දේපොළ හානිය අතිමහත්ය. චීනය බහුලව භූමි කම්පාවලට ගොදුරු වෙයි.



අදහස් (0)

චීන භූමි කම්පාවෙන් මියගිය ගණන 100 ට නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site