
චීන ධීවර යාත්‍රාවක් ඉන්දීය සාගරයේ අනතුරට පත් වුණු බවත්, එහි සිටි 39 දෙනකු අතුරුදන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ධීවර යාත්‍රාව අනතුරට පත් වී පෙරැළී යද්දී එහි චීන නාවිකයන් 17 දෙනකු, ඉන්දුනීසියානු නාවිකයන් 17 දෙනකු සහ පිලිපීන නාවිකයන් පස් දෙනකු සිට ඇත.
අනතුරින් පසු මුහුදට බිලිවුණු කිසිවකු මෙතෙක් හමුවී නොමැති බව වෙරළාරක්ෂක නිලධාරීහු පවසති.
සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී. අතුරුදන් වූවන් සෙවීමට චීන නාවික යාත්‍රා කීපයක් යොදවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය මාසයේ පිලිපීන මුහුදු තීරයේදී චීන කැණීම් යාත්‍රාවක් පෙරලීමෙන් චීන කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු ද ජීවිතක්ෂයට පත්වූ බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන ධීවර යාත්‍රාවක් ඉන්දියන් සාගරයේ පෙරැළී 39 ක් අතුරුදන්