IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චීන දුම්රිය ගෙවල් මැදින් දුවයි

නිවාස හා ගොඩනැගිලි මැදින් දිවෙන අපූරු දුම්රිය මාර්ගයක් චීනයේ චොන්ගුවින්ග් ප්‍රදේශයේ වේ.

එහි නිර්මාපකයින් පවසන්නේ දුම්රිය මාර්ගය සාමාන්‍ය පරිදි ඉදිකිරීමට ගියේ නම් මහල් නිවාස ඇතුලූ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට සිදුවන නිසා මෙවන් පියවරක් ගත් බවයි.

දුම්රිය මාර්ගය ඇතැම් අවස්ථාවන්හි මහල් නිවාසයක් මැදින් දිවෙයි.එවන් මහල් නිවාස වල වෙනම තට්ටුවක් දුම්රිය නැවතුම් පළක් සඳහාද වෙන්කර තිබේ.

මේ දුම්රිය මාර්ගය නිසා ප්‍රදේශයේ නිවාස වල මිලද සැළකිය යුතු තරම් ඉහළ ගොස් ඇතැයිද සඳහන්ය.දුම්රිය නැවතුම් පළක්ද ඇති මහල් නිවාසයක පදිංචි වන්නට අකැමැති වන්නේ කවුරුන්ද?.

මොනෝ රේල් ගණයට අයත් වන මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ විදුලියෙනි.මෙනිසා දුම්රිය මාර්ගය ගොඩනැගිල්ලක් අතරින් දිවේය කියා එහි වසන්නන්ට කිසිදු අපහසුතාවක් ඇති නොවේ.

article-2721747-2070AF6F00000578-867_634x393 article-2721747-2070AF0800000578-389_634x356



අදහස් (0)

චීන දුම්රිය ගෙවල් මැදින් දුවයි

පිටබැද්දර ජයා Thursday, 14 August 2014 03:51 AM

චීන්නු දන්නවා එලුවයි මුට්ටියයි දෙකම බේරාගෙන වැඩ කරන්න , මොකද එහෙ මහදැනමුත්තල නැහැලුනේ (නදී)

:       0       0

සුජීව Thursday, 14 August 2014 04:24 AM

වත්තල සිට අංගොඩ ,බත්තරමුල්ල, කොට්ටාව, පිළියන්දල, රත්මලාන සම්බන්ධ කරමින් තොටළග, බොරැල්ල, ටවුන්හෝල්, ටොරින්ටන්, නාරාහේන්පිට, කිරුලපන, දෙහිවල, පිටකොටුව කේන්ද්‍ර කරගනිමින් චීනයේද සහය ඇතුව, මේ වගේ ලොකු ව්‍යාපෘතියක් කරන්න හැකිනම් කොළඹ වාහන තදබදය අඩුකර කොළඹ තවත් ලස්සන කළ හැකිවේවි. (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 14 August 2014 04:40 AM

අපට ඉතින් මෙවැනි සිහින සැබෑ වෙන්න තව සියවසක් ගතවුවත් බැරිවෙයි ප්‍රසාන් මල්ලී ! (නි)

:       0       0

කමල් Thursday, 14 August 2014 10:57 AM

මෙහෙම එකක් හදනවා නම් මගේ ගෙදර යටිනුත් යන්න ඕනෑමයි. මමත් දේශපාලකයෙක් ටිකක් අඳුනනවා (නි)

:       0       0

උමේෂ් Thursday, 14 August 2014 11:00 AM

හරියට හරි. මේවා ලංකාවට ගෙනාවොත් එ්කටත් ඉතින් අපේ බුද්ධිමත් ජනතාව විරෝදය දක්වනවා. මේවා කන්නද ? මේවගෙන් බඩ පිරෙනවද ? (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 14 August 2014 11:11 AM

මගී තදබදයට හොඳ විසඳුමක්. ලංකාවට ගෙනාවොත් විපක්‍ෂය අහයි මේ දුම්රිය කන්නද? ලංකාව වීනකරණය කරනවද? වගේ ප්‍රශ්න ටිකක්. (නි)

:       0       0

නිමල් Saturday, 16 August 2014 10:58 AM

පිටබැද්ද ජයා අපුරු අදහසක් ප්‍රස්ථාපිරුලු නියමෙට ගලපන කෙනෙක් (දිල්)

:       0       0

ඉසුරන්දි Saturday, 16 August 2014 01:20 PM

චීනාගේ මොළේ තමයි මොළේ.අපේ අයටත් ඕවා හොඳ පාඩම්. (නි)

:       0       0

jayath Thursday, 14 August 2014 06:40 AM

ආදර්ශය අපේ පුද්ගලික බස් වලින් ගන්න ඇත්තේ මොකද ඒවා නිතරම ගෙවල් ඇතුලේ යනවා නෙව !(දී)

:       0       0

ලක්ෂාන් Thursday, 14 August 2014 12:44 PM

ලංකාවේ නම් කරන්නේ ඉතින් ගෙවල් කඩලා පාරවල් හදන එකනේ (නි)

:       0       0

හසේන්ද්‍ර රන්දික Friday, 15 August 2014 05:14 AM

ශ්‍රී ලංකාවෙත් මේ වගේ ස්පීඩ් කෝච්චි තියෙනවා නම් කොච්චර ලස්සනද (නදී)

:       0       0

සිල්වා Thursday, 14 August 2014 07:39 AM

අපිට පුළු වන්නේ මේ ක්‍රමය ලංකවට හදුන්වා දෙන්න මේ තුලින් පරිසරය රැකෙනවා !! (දී)

:       0       0

ප්‍රසාන් Wednesday, 13 August 2014 10:51 PM

මේකට තමයි කියන්නේ තැනේ හැටියට ඇණේ ගහනවා කියලා. අපෙත් ඇස් ඇරවන්නක්. (නි)

:       0       0

විමුක්ති Thursday, 14 August 2014 03:08 PM

නියමයි (දී)

:       0       0

දයාමලනි Thursday, 14 August 2014 08:59 AM

ලංකාවෙත් මේ වගේ දෙයක් කර නම් වාහන තදබදය නැතිවෙනවා . උමන් දුම්රිය මාර්ග සේවය වැඩි කලා නම් හොදයි .. (දී)

:       0       0

නිහාල් ප්‍රනාන්දු Thursday, 14 August 2014 08:59 AM

අපි මීට වැඩිය දියුනුයි . කන්ටෙනර් පවා අපේ රටේ ගෙවල් ඇතුලෙන් යනවා. (දී)

:       0       0

ගමේ කොල්ලා Thursday, 14 August 2014 09:09 AM

ලංකාවට ඒ වගේ එකක් එන්න තව කොච්චර කල් යයිද? (දී)

:       0       0

නිමාලි Thursday, 14 August 2014 09:21 AM

මේවා ලංකාවට ගෙනාවොත් කොමිස් ගහන්න ගෙනාවා කියයි. කිසිම හොද දෙයක් අද ලංකාවේ මිනිස්සුන්ට අගේ නෑ. අධිවේගී මාර්ග වලට බනින බැනිල්ලම ඇති (දී)

:       0       0

සිරිල් බාලසුරිය Friday, 15 August 2014 07:55 AM

චීනය ඉතා ඉක්මනින් තාක්ෂනය මෙන්ම ආර්ථිකයෙන්ද ලෝකයේ පළමු තැනට එනවා , ආසියාවේ වසන අපිටද මෙය ලොකු ආඩම්බරයක් (නදී)

:       0       0

චාමර අනුර සම්පත් කුමසාරු Thursday, 14 August 2014 09:28 AM

ලංකාවටත් මෙක හොද ආදර්ශයක් මක් නිසාද යත් ලංකාව කුඩා දුපතක් වීම මෙන්ම ඉඩම් පිළිබද ප්‍රශ්නයේ දී මහා මාර්ග මෙන්ම දුම්රිය මාර්ග වෙනුවෙන් ලංකාවේ භූමියෙන් විශාල ප්‍රමාණයක් වෙන් කර තිබීම ප්‍රධාන සාධකයකි. එම නිසා අපගේ ඇති කුඩා බිම් ප්‍රමාණයෙන් උපරිම පළ නෙළා ගැනීමට මෙය මහත් ආදර්ශයකි. (දී)

:       0       0

එරන්ද ජයවර්ණ Thursday, 14 August 2014 03:25 AM

මෙය අප රට තුලද ව්‍යාප්ත කිරීමේ හැකියාවක් අැතිදැයි සොයා බැලිය යුතුය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site