
ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ ඇරැයුමට අනුව, චීන ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපති මන්දිරය ලෙස සැලකෙන එලීසේ මාලියට පැමිණි අවස්ථාවේදීය.
චීන ජනාධිපති යුරෝපා රටවල් කීපයක සංචාරය කරයි. ඔහුගේ පළමු නැවැතුම වන්නේ ප්‍රංශයයි. යුරෝපා රටවල් සහ චීනය අතරේ ඇයිහොඳයිකම් පළුදු වී ඇත. ඒ, රුසියන් යුක්රේන යුද්ධයේ දී චීනයයේ සහාය රුසියාවට හිමිවන බැවිනි. පළුදු වුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට චීන ජනාධිපති ජින්පින් මෙම සංචාරයේ අරමුණ බව පැවැසෙයි.
චීන ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වී සිටින්නේ බිරිඳ පෙන්ග් ලුවාන් සහ චීන රජයේ නියෝජිත පිරිසක් ද සමඟය. එලීසේ මාලිගයට පැමිණි ප්‍රංශ ජනාධිපතිවරයා සහ ආර්යාව උණුසුම් ලෙස පිළිගැනීමට ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ බිරිඳ බ්‍රිජෙත් ත්‍රොග්නෝව් කටයුතු කළහ. චීන ජනාධිපති වෙනුවෙන් හමුදා උත්තමාචාර ද පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති හමුවෙයි