IMG-LOGO

චීන ජාතිකයින් 800ක් මොන්ගෝලියාවේදී අත්අඩංගුවට

මොන්ගෝලියාවේ අගනුවර වන උලාන්බතාර්හි පොලිසිය විසින් සයිබර් අපරාධ ජාලයකට සම්බන්ද බවට සැකපිට චීන ජාතිකයින් 800දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
 
ඔවුන් සතුව තිබූ පරිඝණක සිය ගණනක්, ජංගම දුරකථන හා සිම් කාඩ් තොගයක් ද රාජසන්තක කළ බව ප්‍රාදේශීය ආරක්ෂක බලධාරීහු පවසති.
 
බුද්ධි අංශ විසින් මාස දෙකක් තිස්සේ සිදුකරන ලද පරීක්ෂණවලින් පසුව ස්ථාන හතරක් වටලා මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
 
නීති විරෝධී සූදුව, පරිඝණක තුළට අනවසරයෙන් ඇතුල්වීම්, අනන්‍යතා සොරකම් කිරීම, මුදල් විශුද්ධීකරණය වැනි වැරදිවලට මෙම පුද්ගලයන් සම්බන්ධ බව සඳහන් වේ.

රැඳවුම් භාරයේ සිටින චීන ජාතිකයින් 800දෙනා දින 30ක සංචාරක වීසා මත මොන්ගෝලියාවට පැමිණ ඇත.

උලන්බතාර්හි චින තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ගැටලුව විසඳා ගැනීම සම්බන්ධව මොන්ගෝලියානු පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

චීන ජාතිකයින් 800ක් මොන්ගෝලියාවේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 703 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 507 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site