IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චීන ගාටා හඳේ හාවා සොයා යයි

චීනයේ ප්‍රථම සඳ ගවේෂක රොබෝ රෝවරය අද (2)  දිනයේදී සඳ මතට යන ගමන ආරම්භ කිරීමට නියමිතය.

මෙය වසර 40 කට පසු සඳ මතට යැවෙන ප්‍රථම රොබෝ රෝවරයයි.චීන ජන කතා වල එන ‘යුටු‘ නම් සාවෙකුගේ නමින් මෙම රොබෝ රෝවරය නම් කර තිබේ.රෝවරයට නම් තබා ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ කළ මත විමසුමකින් පසු වන අතර යුටු නමට වැඩිම කැමැත්ත ප්‍රකාශ වී තිබී ඇත.

රොබෝ රෝවරය සඳ මතට ගොඩබැස්වීම චීනය ක්‍රියාත්මක කිරීමට නියමිත සඳ මත ජනාවාස තැනීමේ වැඩසටහනක මුල් පියවරයි. මෙම ජනාවාස මෙහෙයුම් මධ්‍යස්ථාන ලෙස භාවිතා කරමින් ඉදිරි වසර 15 ඇතුළතදී අගහරු ග්‍රහයා මත ගවේෂණ ඇරඹීමට චීනය බලාපොරොත්තුවෙන් සිටින බව සදහන්ය.

‘යුටු‘ රොබෝ රෝවරය සඳේ ‘සයිනස් ඉරිඩම්‘ හෙවත් ‘දේදුනු බොක්ක‘ ආවාටය අසළින් ගොඩබැස්වීමට සැළසුම් කර ඇත.පෘථීවි දින 90 ක් පුරා සඳ මත සරමින් තොරතුරු එක්රැස් කර ගැනීමේ කාර්යයේ ‘යුටු‘ රොබෝ රෝවරය යෙදෙනු ඇත. සඳ මතුපිට මෙන්ම අභ්‍යන්තරයේත් ඡායාරූපයන් ගැනීම ‘යුටු‘ සතු වන රාජකාරියයි.

මින් පෙර අභ්‍යාවකාශයට ගගනගාමීන්, චන්ද්‍රිකා ආදිය යවා පළපුරුදු චීනය සද ජය ගැනීමට සැරසෙන්නේ ප්‍රථම වතාවටය. මෙම කර්තව්‍යයේදී යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියත් චීනය හා අත්වැල් බැදගෙන සිටී.



අදහස් (0)

චීන ගාටා හඳේ හාවා සොයා යයි

මධු Monday, 02 December 2013 11:32 PM

චීන්නු කොහේද යන්නෙ නැත්තේ? (නි)

:       0       0

සංජීව Monday, 02 December 2013 06:26 PM

සඳ මතුපිටදී අභ්‍යාවකාශයට විවෘත වන ගගනගාමීන්ට සුර්යාගෙන් එල්ලවෙන ප්‍රබල විකිරණ වලට මුහුණ දිය හැකි (දැනට ගගනගාමීන් පාවිච්චි කරන මිලිමීටර් කිහිපයක ඝනකම ඇති) අභ්‍යාවකාශ ඇදුම් වලට කිසිම හැකියාවක් නැති බව බොහෝ විද්‍යාඥයන් විසින් දැනට පෙන්වාදී තිබෙනවා.සඳට ගිය බව කෙසේවෙතත් සඳෙහි සිට නැවත ජීවග්‍රහයෙන් පැමිණීම සදට යාමටත් වඩා ඉතා භයානක බවද ඒ සමගම ඔවුන් පෙන්නා දී තිබෙනවා. (නි)

:       0       0

සිල්වා Monday, 02 December 2013 02:15 PM

යමක් කල හැක්කේ බටහිරයන්ට පමණයි යන මතය  අප රට ඇතුලු බොහෝ ආසියාතික සමහර බටහිර  ගැත්තන්හට මෙය කදිම නිදසුනකි.චීනය ගැන නිතරම බොරු ප්‍රචාර පතුරවා හැර මිනිසුන් මුලාකිරීම හැම  මොහොතකම සිදුවෙයි.එවන් පසුබිමක් තුල මෙය ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියවකි.(බලන් ගැත්තනි, බටහිරයන් චීනාගේ වල්ගයේ එල්ලී සිටින හැටි)  (ස)

:       0       0

ද සිල්වා Wednesday, 04 December 2013 12:33 AM

මේකට තමයි කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා. කෝටි ගණනාවක චීන ජාතිකයන් ජීවත්වෙන්නේ හාමතේ. ආණ්ඩුව යනවා හදේ හාවෝ අල්ලන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site