IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චීන ගඟක් රතු පාටින් ගලයි

චීනයේ සෙජියෑන්ග් ප්‍රදේශයේ ගංගාවක් එක් රැයින් රත් පැහැයට හැරිණ.

උදෑසන අවදිවූ වැසියෝ දුටුයේ රත් පැහැයට හැරී තිබුණු ගංගාවය.

ඇතැමෙක් වහ වහා රත් පැහැ ගත් ජලය බෝතල් වලට එක්රැස් කර ගත්හ.

මෙයට හේතුව කුමක්දැයි සෙවීම විශේෂඥයින් පිරිසකට භාරදී තිබේ.ඔවුන් පවසන්නේ ගං ඉවුරේ පිහිටි ආහාර වර්ණගන්වන කර්මාන්තශාලාවකින් බැහැර කෙරුණක් මීට මුල් වන්නට ඇති බවයි.

නමුත් ප්‍රදේශවාසීහු දරන්නේ වෙනත් මතයකි.

කිසිවෙකු කිසියම් අපද්‍රව්‍යයක් ගග මුදුනෙන් ගංගාවට බැහැර කරන්නට ඇතැයි ඔවුහු පවසති.

කවරෙකුගේ හෝ ක්‍රියාවක් නිසා වේවා දැන් තමන්ට ගගේ ජලය භාවිතයට ගත නොහැකියැයි ඔවුහු කියති.

චීනයේ සීඝ්‍ර ආර්ථීක සංවර්ධනයක් දැකගත හැකි වෙතත් චීන සාමාන්‍ය ජනයා සම්බන්ධයෙන් වගකිවයුත්තෝ වැඩි අවධානයක් යොමු නොකරන බවට හොද උදාහරණයක් ලෙස මෙම සිදුවීම විචාරකයෝ හදුන්වාදෙති.



අදහස් (0)

චීන ගඟක් රතු පාටින් ගලයි

රජින්ද Monday, 28 July 2014 09:14 PM

මම මේ මෑත කාලීන චීනය ගැන සොයා බලා ඇති කරුණු වලට අනුව චීනය යනු ශරීරයක් හෙබි අධ්‍යාත්මයක් නැති ජාතියක් වෙලා. චීනය කියන්නේ අර්ධ මනුෂ්‍යයින් වෙසෙන රටකට. ආර්ථිකය අතින් සහ තාක්ෂනය අතින් චීනුන්ට ගහන්න බැහැ. ඒත් ගුණාත්මකභාවය සහ පාරිසරික සාධක අතින් ගත්තම චීනය දැනටමත් මළ රටක්. වර්තමාන චීනය සමාන වෙන්නේ තමන්ගේ ආර්ථිකය නිසා තම සිරි යහන සල්ලාලයන්ට පිදූ කුමරියකට පමණයි.(නදී)

:       0       0

ජයාත් Wednesday, 30 July 2014 06:56 AM

අනේ හොඳ වෙලාවට චීනේ වුණේ. මෙහෙ වුණා නම් අපේ සාත්තරකාර උන්නන්සේලට ගානක් හොයාගන්න තිබුනා. අපරාදේ ! (නි)

:       0       0

කරුණා Wednesday, 30 July 2014 02:47 AM

ලංකාවේ නම් මෙවන් දේවල් කොපමණවත් ඇතිවෙනව‍ා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site