IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


චීන කොමියුනිස්ට් පාලනයට වසර 70 යි

චීන කොමියුනිස්ට් පාලනයට වසර 70ක් සැපිරීම නිමිත්තෙන් විචිත්‍රවත් උත්සවයක් චීනයේ බීජිං නුවරදී අද (1) පැවැත්විණි.

ටිනන්මෙන් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැති වර්ණවත් පෙරහැරක් උත්සවයට එක්කර තිබූ අතර ඊට සිවිල් වැසියෝ 100,000කට වැඩි පිරිසක් සහභාගී වූහ. චීනය ගෝලීය සුපිරි බලවතකු ලෙස නැගී සිටීම ලොවට පෙන්වමින් මෙම විචිත්‍රවත් උත්සවයට දැවැන්ත හමුදා පෙළපාළියක් ද එක්කර තිබිණි.

චීනයේ විශිෂ්ටතම නායකයන් ලෙස සැලකෙන මාඕ සේතුං, ඩන්ග් ෂාඕපින්ග් යන අයගේ දැවැන්ත ඡායාරූප ද පෙරහැරේදී රැගෙන ලදි. ඩන්ග් ෂාඕපින්ග් යනු චීනය ලෝකයට විවෘත කරමින් එරට ආර්ථිකය ප්‍රතිසංස්කරණයකට ලක් කළ නායකායය.

පෙරහැරේදී චීනයේ වත්මන් නායකයා ෂී ජින්පින්ගේ ඡායාරූපයක් ද රැගෙන යන ලදි.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මාඕ සේතුංගෙන් පසු තම ජනාධිපති ධුර කාලය දීර්ඝ කරගත් පළමු වැන්නාය. තම දේශපාලන දර්ශනය චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද ඇතුළත් කළ චීන ජනාධිපති ෂී ජින්පින්ග් චීනයට ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ද හඳුන්වා දී තිබේ. ඔහු “චීනය නැවතත් විශිෂ්ටත්වයට” පත් කිරීමේ සැලසුම් රැසක් ද ක්‍රියාවට නංවා ඇත.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් වංචා දූෂණ වැළැක්වීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා ඇති අතර ඒ යටතේ දූෂිත නිලධාරීන් මිලියනකට වැඩි පිරිසකට දඬුවම් කර ඇත. කෙසේ නමුත් ඔහුගේ එම වැඩසටහන ප්‍රතිවාදී දේශපාලනඥයන් අතුගා දැමීමට ක්‍රියාත්මක කරන්නනක් බවට ද විවේචන එල්ල වී තිබේ.

ෂී ජින්පින්ග්ට පෙර ජනාධිපති ධුරය හෙබ වූ හූ ජින්තාවෝ සහ ජියැන්ග් සෙමි යන නායකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තීරයක් මාවත් ව්‍යාපෘතිය (බෙල්ට් ඇන්ඞ් රෝඞ්) චීන ජනාධිතිවරයාගේ සැලැසුමකට අනුව ක්‍රියාත්මක වන අතර එහි සමස්ත ගෝලීය ආයෝජනය ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියනක් යැයි පැවසේ. එම ව්‍යාපෘතිය චීන බලපෑම ව්‍යාප්ත කිරීමට කරමින් රටවල් ණය උගුලකට හසු කරගන්නැක් යැයි ද බටහිර රටවල් චෝදනා කරයි.

චීනය දරිද්‍රතාව තුරන් කර ලෝක බලවතකු බවට වූ බවට අයුරු ලෝකයට කියා පෑමට ද මෙම විචිත්‍රවත් පෙරහැරෙන් උත්සාහ ගෙන තිබිණි.

ඒ.එෆ්.පී. 

055

 

 



අදහස් (2)

චීන කොමියුනිස්ට් පාලනයට වසර 70 යි

chandima Tuesday, 01 October 2019 04:43 PM

එහෙ අවුරුදු හැත්තෑවට නායකයෝ ගණනාවක් බිහිවෙලා ලෝකයේ රටවල් ගණනාවක් පසුකරගෙන ඉදිරියට ඇවිත් තියෙනවා. මෙහෙ අවුරුදු හැත්තෑවක් ගතවෙලා උන්නු උන්ගේ පරම්පරාවල පැටවුන්ට බලය මාරුවෙලා, රටේ සේරම ධනය උන් හොරාකාල රටවල් ගණනාවක් පසුකරගෙන ආපස්සට ගිහින් තියෙනවා. එහෙම තියෙද්දී අපේ ගොන්නු තවත් උන්ටම බලේ දෙන්න හදනවා.උන්ගේම පස්සෙන් යනවා.

:       0       0

oba Wednesday, 02 October 2019 12:22 AM

ඕව වැඩක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදය තමයි තියෙන්න අපි සටන් කරමු චීනයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site