චීනයට නායකත්වය ලබා දෙන චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා අද (1) ට වසර 100 ක් සපිරේ.
චීන කොමියුනිස්ට් පක්ෂය 100 වැනි සංවත්සරය නිමිත්තෙන්, බෙයිජිං අගනුවර ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති මෙන්ම චීන ජනාධිපතිවරයා ද වන ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙනි.
දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද චීන කොමියුනිස්ට් පක්ෂයට එල්ල වන අභියෝග ජය ගනිමින් ඉදිරියට පිය නගන බවත්, කිසිවකුගේ තර්ජනවලට හෝ මැරකම්වලට හෝ හිස නොනමන බවත්, සැමරුම් උත්සවය අමතමින් චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.
විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සමස්ත චීන කර්මාන්ත හා වාණිජ සම්මේලන හා නිර්පක්ෂ නියෝජිතයන් ඒකාබද්ධව ජනාධිපති ෂී ජින්පිං ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයට සුබ පැතූ බව ද එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
චීන කොමිනියුස්ට් පක්ෂයේ තරුණ ලීගය සහ යොවුන් ඉදිරි පෙළේ නියෝජිතයෝ සමූහයක් වශයෙන් සුබ පැතුම් පිරිනැමීමට ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදීට පෙළ ගැනී සිටියහ.
ඊට අමතරව, චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ මෙන්ම චීන වැසියන් 70,000 කට අධික පිරිසක් ද සැමරුමට සහභාගී වූහ.
බෙයිජිංහිදීය (රොයිටර්)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100 යි