IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


චීනයේ සාම සැලැස්ම යුක්රේනයේ අවධානයට

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, චීනය සකස් කළ සාම සැලැස්ම, තමන්ගේ අවධානයට යොමු වී ඇතැයි යුක්රේන රජය පවසයි.

එම සාම සැලැස්ම ගැන සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, චීන රජයේ විශේෂ නියෝජිත ලී හුයි යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණ සිටී. චීන නියෝජිත ලී හුයි යුක්රේනයට පැමිණියේ තවත් නියෝචිත කණ්ඩායමක් ද පිරිවරාගෙනය.

යුක්රේන විදේශ ඇමැති දිමිත්‍රෝ කුල්බේගේ ප්‍රධානත්වයෙන් යුත් යුක්රේන රජයේ නියෝජිත කණ්ඩායමක් සහ ලී හුයි අතරේ සාකච්ඡා පැවැත්විණි. ලී හුයි, යුරේසියානු රටවල කටයුතු සම්බන්ධ විශේෂඥයෙකි. ඔහු රුසියාවේ චීන තානාපති ලෙස රාජකාරි කර තිබේ.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2021 පෙබරවාරි මාසයේය. ඒ, බටහිර හිතවාදී යුක්රේනය, ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් එක් වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.

තමන් ඕනෑම සාම සැලැස්මකට කැමැති නමුත්, එක් බිම් අඟලක් රුසියාවට දීමට කැමැත්තක් නොමැති බව යුක්රේන රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති දිමිත්‍රෝ කුල්බේ, චීන නියෝජිත ලී හුයි හමුවේ පැහැදිලි කළේය.
චීනය මැදිහත් වී සකස් කළ සාම සැලැස්මට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රුසියන් රජය කැමැත්ත පළ කර තිබේ. සාම සැලැස්මට දෙපාර්ශ්වය කැමැත්ත පළ කරන්නේ නම්, පළමුවෙන් සටන් විරාමයක් ආරම්භ වනු ඇති බව ද චීනය පැහැදිලි කර තිබේ.

චීන නියෝජිත ලී හුයි සහ පිරිස යුක්රේනයට පැමිණියේ සෙසු යුරෝපා රටවල ද සංචාරය කරමින්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එම රටවල රාජ්‍ය නායකයන්ගේ අදහස් විමසා බලමිනි. පිරිස අවසන් වශයෙන් රුසියාවේ මොස්කව් අගනුවර බලා යෑමට ද නියමිතය.

(රොයිටර්)



අදහස් (0)

චීනයේ සාම සැලැස්ම යුක්රේනයේ අවධානයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18075 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 16703 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10823 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 476 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 145 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 817 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site