නැගෙනහිර චීනයේ බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයන් 36 දෙනකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති. තුවාල ලැබූ අය අතරින් 9 දෙනකුගේ තත්ත්වය බරපතලය.
පුද්ගලයන් 69 දෙනෙකු රැගත් බස් රථය ජෙංෂු ප්‍රාන්ථයේ මාර්ගයක ගමන් කරමින් සිටියදී ඉදිරියට පැමිණි තිදෙනකු රැගත් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරට හේතුව බස් රථයේ ටයර අධික ලෙස ගෙවී තිබීම විය හැකි යැයි ද බලධාරීන් පවසයි.
මෙවැනි මාර්ග අනතුරු චීනයේ බහුලව සිදුවන බවත් මාර්ග නීති උල්ලංඝණය කිරීම ඊට හේතුව බවත් එරට මාධ්‍ය පෙන්වාදෙයි.
2015 වර්ෂයේ දී පමණක් හදිසි අනතුරුවලින් චීනයේ 58,000ක් මියගොස් ඇත. මෙවැනි මාරාන්තික අනතුරු වලින් 90% කට හේතුවී ඇත්තේ රථවාහන නීති උල්ලංඝණය කිරීම බව ද මාධ්‍ය වාර්තා කරයි.
(බීබීසී ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ බස් ලොරි ගැටුමකින් 36 ක් මරුට