IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චීනයේ බිලියනයකට එන්නත් දීලා

චීනයේ පූර්ණ එන්නත්කරණයට ලක් වුණු පිරිස බිලියනයක් බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. එය රටේ ජනගනයෙන් සියයට 71 ක ප්‍රතිශතයක් බව ද පැවැසෙයි. චීන රජය පවසා ඇත්තේ මෙම වසර අවසන් වීමට පෙර, රටේ ජනගහනයෙන් සියයට 80 කට පූර්ණ වශයෙන් එන්නත් ලබා දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ 2019 වසරේ දෙසැම්බරයේ, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. චීන විද්‍යාඥයන් 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව එන්නත් කීපයක් නිපදවා ඇති අතර, නව මාදිලියේ එන්නත් නිපදවීමට ද යොමු වී සිටින බව වාර්තා වේ. චීන වැසියන්ට ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' යන එන්නත්ය.

වයිරස ව්‍යාප්තිය ආරම්භයේ දී එය අභියෝගයක් වුවත්, 2020 වසර මැද වනවිට රට අභ්‍යන්තරයේ වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට චීන සෞඛ්‍ය අංශ සමත් විය. චීනය, එරට වැසියන්ට එන්නත් ලබාදීම ආරම්භ කළේ මෙම 2021 වසර ආරම්භයේදීය. ඊට පෙර එන්නත් ලබා දීම සිදුවූයේ එරට හමුදාවට සහ සෞඛ්‍ය අංශ සේවක සේවිකාවන්ට පමණි.

ආරම්භයේ දී මන්දගාමී වුවත්, චීනය ඔවුන්ගේ එන්නත්කරණ කටයුතු වේගවත් කළේය. එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදුවෙද්දී පවා විටින් විට චීනයෙන් දේශීය වශයෙන් ආසාදිතයන් වාර්තා වෙයි. එවැනි අවස්ථාවල නගර ලොක්ඩවුන් කළ නගරයේ සියලු දෙනා 'කොවිඩ් 19' පරීක්ෂණවලට යොමු කෙරයි. ආසාදිතයන් සහ ආශ්‍රිතයන් හඳුනා ගැනීම මෙන්ම වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීම ඒ අනුව සිදුවෙයි.

මේ වනවිට 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙන් ෆුජියැන් පළාත කේන්ද්‍ර කොට ගනිමින් නව ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත. ඊයේ (17) වනවිට නව ආසාදිතයන් 100 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නව ආසාදිතයන්ගෙන් යැඩි දෙනා පාසල් සිසුන් බව පැවැසෙයි. මෙම 'ඩෙල්ටා' පොකුරු බිහිවී ඇත්තේ ප්‍රාන්තයේ පුටියාන් නගරයේ පාසල් කේන්ද්‍රකොට ගනිමිනි. ඒ අනුව, ප්‍රාන්තයේ පාසල් කටයුතු මුළුමනින්ම නවතා දමා ඇති බව ද චීන පුවත් සේවා පවසයි.

පුටියාන් නගරයේ ජනගහනය මිලියන 3.2 ක් බවත් ඔවුන් සියලු දෙනා කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට සූදානම් බවත් සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(ෂිංහුවා)



අදහස් (0)

චීනයේ බිලියනයකට එන්නත් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 670 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site