IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


චීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්: 54 ක් මරුට: 200 කට තුවාල

රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 6.6 ක් සටහන් කළ භූමි කම්පාවකින් චීනයේ ගොන්ෂූ පළාතේ ඩින්ග්සී නගරය ඊයේ (22) උදෑසන කැළැඹී ගියේය.
භූමි කම්පාවෙන් දෙදරා ගිය නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වූ අතර එයින් 54 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 200 ක් යැයි චීනයේ ෂින්හුවා පුවත් සේවය පවසයි.
භූමි කමිපාව හටගත්තේ ඊයේ උදෑසන 7.45 ට පමණය. එහි අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ කිලෝ මීටර් 20 ක් පොළෝ ගැඹුරේ යැයි භූ කම්පන සමීක්ෂණ ඒකක පවසයි.
ගොන්ෂූ පළාතේ මිලියන 26 ක පිරිසක් ජීවත් වෙති. භූමි කම්පාවෙන් පසු අතුරු කම්පන කිහිපයක් සිදුවිය. ඒවා රික්ටර් මාපකයේ ඒකක 3 ත් 4 ත් අතර අගයන් සටහන් කළේය.
ගොන්ෂූ පළාතේ බහුලව ජීවත් වන්නේ ගොවීන්ය. භූමි කම්පාවෙන් වගාබිම් රැසකට ද හානි සිදුවී ඇතැයි ද පැවැසෙයි. ඩින්ග්සී නගරය පිහිටා ඇත්තේ බීජීං අගනුවර සිට කිලෝ මීටර් 1,233 ක් දුරිනි.
භූමි කම්පාවෙන් උන්හිටිතැන් අහිමි වූ පිරිස් සඳහා අවශ්‍ය සහනාධාර බෙදා දීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇතැයි චීන බලධාරීහු පවසති.
සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා සහන සේවා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා බැකෝ යන්ත‍්‍ර ද යොදා ගෙන ඇතැයි වාර්තා වේ.
තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර හමුදාවේ සහාය ද ඒ සඳහා හිමිවිය.
චීනය බහුලව භූමි කම්පාවලට ගොදුරු වෙයි. 2008 වසරේ චීනයේ ෂින්හුවා පළාත අති ප‍්‍රබල භූමි කම්පාවකට ගොදුරු විය. එයින් මියගිය ගණන 90,000 කි. සිදුවුණු දේපොළ හානිය අතිමහත්ය.



අදහස් (0)

චීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්: 54 ක් මරුට: 200 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site