IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


චීනය ජපානයට බලේ පෙන්නයි

නැගෙනහිර චීන මුහුදේ නාවික හමුදා අභ්‍යාසයක් ඇරැඹීමට  චීනය සැරසේ. මෙම අභ්‍යාසයට නැව් 11 ක් ගුවන් යානා 8 ක් හා සමුදුරු නිරීක්ෂණ යාත‍්‍රා එක්වනු ඇති බව සදහන්ය. අභ්‍යාසයේ තේමාව වී ඇත්තේ ‘‘දේශයේ ස්වෛරීභාවයට එරෙහිව නැගෙන්නන්ට ක්ෂණික ප‍්‍රතිචාර දක්වමු’’ යන්නයි. කෙසේ වුවත් අභ්‍යාසය අරඹන  නිශ්චිත ප‍්‍රදේශය මෙතෙක් හෙළි වී නොමැත. නැගෙනහිර චීන මුහුදේ ඇති සෙනකු:ඩියාඔයු දුූපත් සමූහයට චීනය තායිවානය හා ජපානය යන රටවල් 3 ම අයිතිවාසිකම් කියයි.දැනට ඒවා පාලනය වන්නේ ජපානය යටතේය. දූපත් අසලට එන චීනයට හා තායිවානයට අයත් සමුදුරු නිරීක්ෂණ යාත‍්‍රා හා ධීවර යාත‍්‍රා පන්නා දැමීමට ජපන් වෙරළාරක්ෂක හමුදා නිරන්තරයෙන් කි‍්‍රයා කරයි.මේ නිසා දැනට චීනය හා තායිවානය ජපානය සමග පසුවන්නේ එතරම් හොද හිතකින් නොවේ. ජපානයේ හැසිරීමට එකට එක කිරීමක් ලෙස ජපානය කරන අනතුරු ඇගවීම් නොසළකා චීන හා තායිවාන දෙරට සිය නාවික හමුදාවන්ට අයත් යාත‍්‍රා දුූපත් අවට සංචාරයේ යෙදවීමට කටයුතු කර ඇත. (කෝ.සි)



අදහස් (0)

චීනය ජපානයට බලේ පෙන්නයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1823 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1479 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site