IMG-LOGO

චීනය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ලෙන්

චීන රජය සහ සෞඛ්‍ය අංශ, එරට 'කොවිඩ් 19' ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු කරන ආකාරය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කනස්සල්ලට හේතුවක් වී ඇත.

චීන සෞඛ්‍ය අංශ අනුගමනය කරන්නේ 'කොවිඩ් 19' සියයට 100 ක් සමාජයෙන් තුරන් කිරීමේ ක්‍රමවේදයකි. එහිදී සිදුවන්නේ නගරයක හෝ පළාතක හෝ සියලු දෙනා කොටු කර, ඔවුන් සියල්ලන්ම 'කොවිඩ් 19' පරීක්ෂණවලට යොමු කර, ආසාදිතයන් කවුරුන්දැයි හඳුනා ඔවුන් වෙන් කිරීමය.

ආසාදිතයන් සොයා ගැනීමට සියලු දෙනා 'කොවිඩ් 19' පරීක්ෂණ සඳහා යොමු කෙරෙන්නේ බලහත්කාරයෙනි. චීන වැසියන් කෑ මොර දෙද්දී, බලහත්කාරයෙන් ඔවුන් බිම පෙරළා ගෙන පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කෙරේ. චීන කාන්තාවන් එසේ පරීක්ෂණවලට යොමු කෙරෙන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් චීන රජයට සහ සෞඛ්‍ය අමත්‍යාංශයට දන්වා ඇත්තේ ජනතාව පීඩාවට පත් කරන ආකාරයේ සෞඛ්‍ය නීති ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙසය.

(රොයිටර්)

 



අදහස් (0)

චීනය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 13 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 52 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1613 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site