IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චීනයෙන් සන්නිවේදන වාරණයක්

වැරදි තොරතුරු සන්නිවේදනය වැළැක්වීම සඳහා ජංගම දුරකතන පාවිච්චි කරන පුද්ගලයන් සඳහා නව රෙගුලාසි පැනවීමට චීන රජය තීරණය කරයි.

චීනයේ රාජ්‍ය අන්තර් ජාල තොරතුරු කාර්යාලය මේ බව නිවේදනය කර ඇත. නව නීති සම්පාදනයත් සමග එරට ජනප්‍රිය සේවාවක් වු වීචැට් නැමැති සංනිවේදන ක්‍රමය ද තම පාලනයට නතුකර ගැනීමට චීන රජයට හැකියාව ලැබේ. ක්ෂණික පණිවිඩ යැවීමේ පහසුකම් ඇති සියළු දුරකතන හිමිකරුවන් තමන්ගේනියම නමින් එම දුරකථන ලියාපදිංචි කළ යුතුය. දේශපාලන පුවත් දුරකථනවලට යැවීමට පෙර ඒ සඳහා නිසි අවසරය ගත යුතුය.

බලධාරින් පවසන්නේ මෙම රෙගුලාසි ක්‍රියාවට නැංවීමේ අරමුණ වන්නේ ක්ෂණික පණිවුඩ සේවාව සංවර්ධනය කිරීම සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බවයි. එමගින් මහජන යහපත සැලසෙන බව බලධාරින්ගේ අදස වී ඇත.

රජයට හානිකර ක්ෂණික පණිවිඩ සංනිවේදනය,  අශ්ශීල මෙන්ම ත්‍රස්තවාදී තොරතුරු සංනිවේදනය පාලනය කිරීමට බලධාරින්ට හැකියාව ලැබේ. කෙනෙකු තවත් අයකුට යවන පණිවිඩ සම්බන්ධයෙන් එලෙස යවන පුද්ගලයා වගකීමෙන් බැඳී සිටිය යුතු බවට ජනතාව දැනුම්වත් කිරිමේ කටයුතු දැනටමත් චීන රජය ආරම්භකැර ඇත. දුරකථන සියල්ල පරිහරණය කරන පදුග්ලයාගේ නමින් ලියාපදිංචි කිරීමෙන් පසු දුරකථන සේවා සපයන්නන්ට මේ නීති කඩකරන්නන් සොයා ගැනීමට හැකියාව ලැබේ.

china (1) china (1) A model poses with a Galaxy Note of Samsung Electronics during a local launch event for Samsung's mobile devices at the company's headquarters in Seoul

 



අදහස් (0)

චීනයෙන් සන්නිවේදන වාරණයක්

මධු Saturday, 09 August 2014 07:47 AM

ඕක ඕන වෙන්නේ අපේ රටටයි (දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Saturday, 09 August 2014 08:36 PM

ලංකාවටත් මෙහෙම නීතියක් අවශ්‍යයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

චමින්ද Saturday, 09 August 2014 11:24 PM

චීනයේ ක්‍රියාකාරකම් අපේ රටට සමගාමිව යනවා.ඇමරිකාවේ වුණා නම්,මීට විරුද්ධව දැනටමත් නඩු රැසක් අධිකරණයට යොමු කරලා (නි)

:       0       0

ලක්ෂණ Sunday, 10 August 2014 02:44 AM

ඇමරිකාව නීත්‍යානුකූලව නෙමෙයිනෙ මිනිසුන්ගේ දුරකතනන සංවාද අහන්නේ. මට තේරෙන්නේ නැහැ ඇමරිකාව වෙනුවෙන් මෙහෙම කරන්නේ මොකද කියලා.(නි)

:       0       0

හර්රිස් Saturday, 09 August 2014 03:41 PM

චීනය දියුණු වුනාට , නිදහසක් තියෙන රටක් නෙමෙයිනේ ,,,,,,(අ),

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site