දකුණු දිග චීනයේ 56 හැවිරිදි කාන්තාවක එච්3.එන්.8 කුරුලු උණ වයිරසය ආසාදනය වී මියගොස් ඇතැයි චීන සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව, එච්3.එන්.8 කුරුලු උණ ආසානය වී මියගිය පළමු පුද්ගලයා ලෙස මෙම කාන්තාව සැලකිය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කුරුල්ලන් අතරේ බහුලව පැතිරෙන වයිරසයක් ලෙස එච්3.එන්.8 සැලකෙයි. කුරුල්ලන්ගෙන් මෙය මිනිසුන්ට ආසාදනය වී ඇති නමුත් මරණයක් වාර්තා වුණු පළමු අවස්ථාව මෙයයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේත් මැයි මාසයේත් චීනයෙන් එච්3.එන්.8 ආසාදිතයන් හමුවිය.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
චීනයෙන් පළමු වරට කුරුලු උණ මරණයක්