තායිවානයට යුදමය වශයෙන් සහය දෙන ඕනෑම රටකට ‘දරුණු ප්‍රතිවිපාක‘ අත් විඳීමට සිදුවනු ඇතැයි චීනය අනතුරු අඟවයි.
“තායිවානය පිළිබඳ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත් තායිවානයට යුදමය වශයෙන් ආධාර දීමට ඉදිරිපත් වන ඕනෑම රටකට දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදු වනු ඇතැයි”ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කර්නල් ටෑන් කෙෆෙයි පසුගිය සිකුරාදා දින මාධ්‍යවේදීහු ඉදිරියේ ප්‍රකාශ කළහ.
චීනය තායිවානය සමග එකතු වීම “කිසිවෙකුට හෝ කිසිම බලවේගයකට නැවැත්විය නොහැකි බවත් මෙම කාරණය සම්බන්ධයෙන් බාහිර මැදිහත්වීම් වලක්වාලීමට චීන හමුදාව සූදානමින් සිටින බවත්”ජ්‍යෙෂ්ඨ කර්නල් ටෑන් වැඩි දුරටත් පැවසීය.
තායිවානය ආරක්ෂා කිරීමට වොෂින්ටනය තීරණය කළහොත් ඔස්ට්‍රේලියාවට වොෂින්ටනය සමග එක් නොවී සිටීමට නොහැකි යැයි ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක ඇමති පීටර් ඩටන් තර්ක කිරීමෙන් දින කිහිපයකට පසුව කර්නල් ටෑන් මෙසේ ප්‍රකාශ කළේය
ඊයේ (13) ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක ඇමති පීටර් ඩටන් ඔහුගේ භාෂාව මෘදු කරමින් ඉරිදා කියා සිටියේ ඕස්ට්‍රේලියාව ලබාදෙන ප්‍රතිචාරය ඕස්ට්‍රේලියානුවන්ට අවාසිදායක නොවන අයුරින් ලබාදෙනු ඇති බවය. තායිවානය පැවසුවේ මෙම වසරේ සිය වාර්ෂික මිසයිල නිෂ්පාදන ධාරිතාව දෙගුණ කිරීමට සැලසුම් කර ඇති බවය.
තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම නිවේදනය නිකුත් වූයේ තායිවානය ඉදිරි වසර පහ තුළ මිලිටරි වියදම් සඳහා අමතර ඩොලර් බිලියන 8.6ක් අනුමත කිරීමෙන් පසුවය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
චීනයෙන් තර්ජනයක්