රුසියා-යුක්රේන ගැටුම හේතුවෙන් චීනයට සම්බාධක පැනවීමට ඔස්ට්‍රේලියාව සුදානම් වෙයි.
රුසියා-යුක්රේන ගැටුමේදී චීනය රුසියාවට සහයෝගය ලබා දුනහොත් ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇතැයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසුවේය.
රුසියාවට සහාය දීම ද්වේශ සහගත,විනාශ කාරී ක්‍රියාවක් වනවා සේම එසේ සහයෝගය දුනහොත් ඔස්ට්‍රේලියාවේ සහ මිත්‍ර රාජ්‍යයන් හි ජාත්‍යන්තර සම්බාධක වලට චීනයට මුහුණ දීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය මොරිසන් ඉඟියක් පළ කළේය.
අග්‍රාමාත්‍ය මොරිසන් පැවසුවේ චීනය රුසියාව සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවය.
මෙම අවස්ථාවේ චීනය විසින් රුසියාවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට මාර්ගයක් ලබා දීම නොකළ යුතු දෙයක් සේම රුසියාව යුද සහාය ලබා දීමට සාකච්ඡා කිරීම ද්වේශ සහගත ක්‍රියාවක් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයට සම්බාධක පැනවීමට ඔස්ට්‍රේලියාව සුදානම්