චීනය තරහා කර ගැනීමේ කිසිදු වුවමනාවක් නැතැයි තායිවාන අග්‍රාමාත්‍ය සු ත්සෙන්ග් චාන්ග් පවසයි. සමානාත්මතාව සහ කිසිදු පූර්ව දේශපාලන කොන්දේසියකින් තොරව චීනය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් යැයි ද හෙතෙම කීය.
තායිවානය ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන අතර තායිවානය තමන්ගේ රටේ කොටසක් යැයි චීනය අවධාරණය කරයි. කෙසේ නමුත් පසුගිය කාලයේ දී දෙරට අතර සම්බන්ධතා ඉතාම නරක අතට හැරිණි.
තම ස්වාධිපත්‍යය සහ ස්වෛරීත්වය පිළිගන්නැයි චීනය බල කරන අතර පසුගිය කාලයේ දී දේශපාලනිකව සහ හමුදාමය වශයෙන් කරන ලද එවැනි බලකිරීම් උත්සන්න විය.
තායිවානය සාමකාමී ලෙස නැවත එක්සේසත් කරගැනීමට අපේක්ෂා කරන බව සිංගප්පූරුවේ පැවැති ආරක්ෂක සමුළුවේදී චීන ආරක්ෂක අමාත්‍යවරයා මේ අතරවාරයේදී පැවැසීය.
ආරක්ෂක කරුණු මුල් කරගනිමින් තායිවානයෙන් මාළු වර්ගයක් (ගෲපර් ෆිෂ්) ආනයනය කිරීමට නැවැත්වීමට චීනය පියවර ගත්තේ ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තායිවාන අග්‍රාමාත්‍යවරයා ඉහත කරුණු සඳහන් කළේ ය.
මාළු ආනයනය නැවැත්වීමට චීනය පියවර ගෙන ඇත්තේ දේශපාලන වුවමනාවක් මත යැයි කී තායිවාන අග්‍රාමාත්‍යවරයා තායිවානය සෑම විටම චීනය දෙස හොඳ හිතින් බලන බව ද කීවේ ය.
“සමානාත්මතාව, අන්‍යෝන්‍ය ගෞරවය සහ විශ්වාසය, මෙන්ම දේශපාලන පූර්ව කොන්දේසි නැතිතාක් අප චීනය සමඟ හොඳ හිතින් වැඩ කරන්න සූදානම්” යැයි ද තායිවාන අග්‍රාමාත්‍යවරයා කීය. තායිවාන ජනාධිපති ත්සායි ඉන්ග් වෙන් ද මේ බව අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
534
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1689
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයට දොර වහන්නේ නෑ