IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චන්ද්‍රිකා දෙක වැරැදි පාරේ

අභ්‍යාවකාශයට යැවුණු චන්ද්‍රිකා 2 ක් වැරදි කක්ෂ වලට ඇතුළුවී තිබීම නිසාවෙන් යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය මේ දිනවල මහත් අකරතැබ්බයකට මුහුණදී සිටී.

එජන්සිය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති ‘‘ගැලීලියෝ‘‘ නම් චන්ද්‍රිකා ආධාරයෙන් තමන් සිටිනා තැන සොයාගත හැකි පද්දතියකට මෙම චන්ද්‍රිකා 2 අයත් බව සදහන්ය.

දැනට මෙවන් පද්දතියකට හිමිකම් කියන්නේ ඇමරිකාව පමණකි.‘‘ජීපීඑස්‘‘යැයි අප සියලූ දෙනා හොදින් දැන හඳුනාගෙන සිටින්නේ එම පද්දතියයි.

ජීපීඑස් පද්දතියට තරඟයක් දීමට යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය ‘‘ගැලීලියෝ‘‘පද්දතිය කරළියට ගෙන ඒමට සැරසුණද සියල්ල ලත් තැනම ලොප් වී ඇති සෙයක් පෙනේ.

චන්ද්‍රිකා 2 හි ඇති මෝටර් වලින් ඒවා නියම කක්ෂයට ගෙන ආ හැකිදැයි මේ දිනවල සොයා බැලෙමින් පවතින අතර එසේ කිරීමට නොහැකි වුවහොත් පද්දතිය ක්‍රියාත්මක කිරීම තවත් කල් දැමීමට සිදුවනු ඇතැයි ඒජන්සි ආරංචි මාර්ග කියයි.

දැනට සොයාගෙන ඇති ආකාරයට චන්ද්‍රිකා 2 අභ්‍යාවකාශයට ගෙන ගිය රොකට්ටුව අවසානයේ ඒවායින් වෙන්වන අවස්ථාවේ සිදුවූ දෝෂයකින් මෙසේ ඒවා වැරදි කක්ෂ වලට ඇතුල්වී තිබේ.

2020 වන විටදී ගැලීලියෝ පද්දතිය ක්‍රියාත්මක කරවීමට යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය සැළසුම් කරගෙන සිටී.දැනට පවතින ජීපීඑස් පද්දතියට වඩා බොහෝ සෙයින් දියුණු තාක්ෂණයන් මෙම ව්‍යාපෘතිය සදහා භාවිතා කෙරී ඇතැයි පැවසේ.

දැනටමත් 2011 වසරේ 2 කුත්, 2012 වසරේ 2 කුත්, ලෙස ගැලීලියෝ පද්දතියට අයත් චන්ද්‍රිකා 4 ක් කක්ෂ ගත කිරීමට ඒජන්සිය සමත්ව ඇති අතර මුළු පද්දතියම මෙසේ අභ්‍යාවකාශයට යැවෙන චන්ද්‍රිකා 30 කින් සමත්විත වන බව සදහන්ය.



අදහස් (0)

චන්ද්‍රිකා දෙක වැරැදි පාරේ

ජයාත් Monday, 25 August 2014 06:47 AM

එයාලගේ දෙකක් වැරදි පාරේ ගිහින්! අපට තිබුන එකම එකත් ගියේ වැරදි පාරක නොවැ. නැත්නම් අද අපට මෙහෙම වෙයිද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 25 August 2014 07:02 AM

අපේ චන්ද්‍රිකා නම් කක්ෂයෙන් පමණක් නොව අන් සියල්ලගෙන්මත් අයින්වී ඇත. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 August 2014 01:16 PM

අපේ චන්ද්‍රිකාවට නම් වැරදුන කියල නම් යන්තන් දැනිල එ්ත් මේ තාම හොයනවා නිවැරදිව කක්ෂ ගත වෙන්නේ කොහොමද කියල , බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල ?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site