රාජ්‍ය රහස් ලියවිලි ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වීමක් සිදු නොවනු ඇතැයි එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ විශේෂ විමර්ශන කමිටුව ඊයේ (8) පැවැසීය.
විශේෂ විමර්ශන කමිටුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ, බයිඩන් දුර්වල මතකයක් ඇති වයෝවෘද්ධ පුද්ගලයකු බවත්, එවැනි තත්ත්වයක් යටතේ ඔහුගෙන් අතපසුවීමක් සිදුවීම පුදුමයට කරුණක් නොවන බවත්ය.
විශේෂ විමර්ශන කමිටුව, විමර්ශන කටයුතු සිදු කර ඇත්තේ 147 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගනිමිනි. ඒ අතරේ ජනාධිපති ජෝ බයිඩන් ද සිටී. ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වයස්ගතම තැනැත්තා ජෝ බයිඩන්ය. ඔහුගේ වයස අවුරුදු 81 කි. බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා වන අතර, මෙම නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයටත් බයිඩන්, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වීමට නියමිතය.
බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, ඔබාමාගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ද ලෙස කටයුතු කළේ බයිඩන්ය. ඒ, 2009 සිට 2017 දක්වා කාලයේය. බයිඩන් ඇමෙරිකන් ජනාපධිති ධුරයට පත් වී සිටින්නේ, 2021 වසරේ සිටය.
ඩෙලවෙයාර් ජනපදයේ බයිඩන්ගේ නිවසින් සහ ඔහුට අයත්ව තිබුණු පෞද්ගලික කාර්යාලයකින් එම රාජ්‍ය රහස් ලියවිලි හමුවූයේ 2023 වසරේදීය. එම ලියවිලි බයිඩන් අතට පත්වී තිබුණේ ඔහු ඇමෙරිකන් උප ජනාධිපති ධුරය හොබවද්දී බව පැවැසිණි.
ධුරය නිමා කර යද්දී ඒවා ආපසු බාර දීමට නියමිත වුවත් බයිඩන්ට එසේ කිරීමට අමතක වී තිබුණු බව විමර්ශන කමිටුව පැහැදිලි කර ඇත. ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් සහ ඇමෙරිකාවේ විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධ තොරතුරු එම වාර්තාවලට ඇතුළත් බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චෝදනාවලින් බයිඩන් ගැලවෙයි
ශාන් Friday, 09 February 2024 10:19 AM
බයිඩන් නම් ලංකාවේ දේශපාලකයෙක් වගේ. මෙහෙත් මතක නැති අය හිටියා. වැඩේ කියන්නේ ඡන්දේ කලේට මිනිස්සුන්ටත් මතක නැති වෙන එක.