අයථා පාලනය සහ නීති විරෝධී පත්වීම් ලබාදීම යන චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරියේ පෙනී සිටීමට ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජ්ද්ට සිදුවිය. මේ අයුරින් කරුණු දැක්වීමක් සඳහා ඉරාන ජනපතිවරයකු එරට පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටි පළමු වැනි අවස්ථාව ද මෙයයි. එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් ජනපති අහමදිනෙජාද් දෙන පිළිතුරු ගැන පාර්ලිමේන්තුව සෑහීමකට පත් නොවන්නේ නම්, ජනපති ධුරය පවා ඔහුට අහිමි කිරීමට ඉරාන පාර්ලිමේන්තුවට බලතල තිබේ. ඉරාන ජනපති අහමදිනෙජාද්ට එරෙහි එම චෝදනා එල්ල වූයේ පසුගිය දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය පරාජය වීමත් සමඟය. එම මැතිවරණයේදී ජයග‍්‍රහණය කළේ ඉරාන ආගමීක නායක අයිතුල්ලා අලී කුමේනිට හිතවත් දේශපාලන පක්ෂයයි. ජනපති අහමදිනෙජාද් පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවීමට කුමේනී මාස කිහිපයක් තිස්සේ උත්සාහ කළ නමුත් එය අසාර්ථක වූ අතර ඔහුට ඒ සඳහා අවස්ථාව උදා වූයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනපති අහමදිනෙජාද් පසු බෑමකට ලක් වීම හේතුවෙනි. ඉරානයේ සුපිරි නයකයා වන්නේ ආගමීක නායක අයිතුල්ලා අලී කුමේනිය. මන්තී‍්‍රවරුන් 290 දෙනකුගෙන් සමන්විත ඉරාන පාර්ලිමේන්තුවට, හමුදාමය සහ න්‍යෂ්ටික ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් බලතල නැත. එම බලතල ඇත්තේ කුමේනිටය. එපමණක් නොව ඉරානයේ බුද්ධි අංශ සහ විදේශ කටයුතු පිළිබඳ බලතල ඇත්තේ ද ආගමික නායකයාටය. ආගමික නායකයාට හිමි එම බලතල අහිමි කිරීමට ජනපති අහමදිනෙජාද් පසුගිය දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණය අවියක් කර ගෙන තිබුණි. පෙරේදා (14) පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටි ජනපතිවරයාගෙන් ප‍්‍රශ්න කෙරෙන අයුරු ඉරානයේ රාජ්‍ය ගුවන් විදුලිය ඔස්සේ සජීවීව විකාශය කෙරුණි. පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදී රටේ බුද්ධි අංශ ප‍්‍රධානියා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනපති අහමදිනෙජාද් තීරණය කළ අවස්ථාවේදී ආගමීක නායක අයිතුල්ලා කුමේනී ජනපතිගේ එම තීරණයට විරුද්ධ වූයේය. එම සිද්ධියෙන් පසු අහමදිනෙජාද්, රාජකාරිවලින් ඈත් වී දින කිහිපයක් නිවසට වී සිටියේය. ඒ සම්බන්ධයෙන් ඇමැති අලී මොතාහරී ජනපති අහමදිනෙජාද්ගෙන් ප‍්‍රශ්න කළේය. මොතාහරී කියා සිටියේ ජනපති අහමදිනෙජාද් එසේ කළේ ආගමීක නායක කුමේනීට සිය විරෝධය පළ කිරීමට බවය. ඇමැතිවරයාගේ පැනයට පිළිතුරු දෙමින්, ජනපති අහමදිනෙජාද් කියා සිටියේ තමා අසනීප වූ නිසා ගෙදර නතර වූ බවත් ආගමීක නායක කුමේනීට විරෝධයක් පළ කිරීම හෝ ඔහුට අපහාසයක් සිදු කිරීමට හෝ තමා අදහස් නොකළ බවත්ය.
2025 නොවැම්බර් මස 04
26
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චෝදනාවලට පිළිතුරු දෙන්න ඉරාන ජනපති මැතිසබය හමුවට