IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඝාතකයන්ගේ තොරතුරු එළියට

හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනය කළේ කොලොම්බියානු ජාතික කුලී හේවායන් කණ්ඩායමක් බවත් හයිටි ඇමෙරිකානුවන් දෙදෙනකු ද ඊට සම්බන්ධ බවත් හයිටි පොලිස්පති ලියොන් චාල්ස් පවසා තිබේ.

කුලී හේවායන් කණ්ඩායමට අයත් 28 දෙනකු මේ වනවිට හයිටි පොලිසිය විසින් අත්අඩංගුවට ලැබ ඇත. තවත් සැකකටයුතු කිහිප දෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ අනාවරණය කර ඇත.

අත්අඩංගුවේ පසුවන කොලොම්බියානුවන්ගෙන් 13 දෙනකු හමුදාවේ සේවය කර ඇතැයි ද පොලිසිය කියයි. අත්අඩංගුවේ පසුවන පිරිස සතුව තිබී අති නවීන ගිනි අවි ද අත්අඩංගුවට ගත් බව පොලිස්පති ලියොන් චාල්ස් වැඩි දුරටත් පවසයි.

මේ අතර හයිටි ජනාධිපතිවරයා සමඟ සිට වෙඩි වැදී තුවාල ලැබූ ජනාධිපති ආර්යාව මාටීන්ගේ තත්ත්වය යහපත් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ජනපති නිවසට කඩා වැදුණු තුවක්කුකරුවන් ඉවක් බවක් නැතිව තම සැමියාටත් තමන්ටත් වෙඩි තැබූ බව ඇය පවසා තිබේ.

ජනාධිපති ආර්යාව මාටීන්ගේ ප්‍රතිකාර ලබන්නේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා රෝහලකය. ජනාධිපතිවරයා ඝාතනයට පැමිණි කුලීහේවායන් කිසිවකු ජනපති ආරක්ෂක නිලධාරීන් කිසිවකුටවත් අනතුරක් කර නැති බව පොලිසිය පවසයි.

ජනපති ආරක්ෂක අංශ ප්‍රධානී දිමිත්‍රි හෙරාඩ් මීට සති කීපයකට පෙර කොලොම්බියාවේ සංචාරය කර ඇත. එපමණක් නොව, දිමිත්‍රි හෙරාඩ් ආයුධ ජාවාරම්කරුවකු යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ චෝදනා කර තිබේ.

පෝට් ඕ ප්‍රින්ක්ස් (රොයිටර්)



අදහස් (0)

ඝාතකයන්ගේ තොරතුරු එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 884 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site