වික්ටර් රත්නායක සහ සුනිල් එදිරිසිංහ ඉදිරිපත් කරන සංගීත ප්‍රසංග දෙකක් මෙම සති අන්තයේදී ලන්ඩන් නුවර සහ බර්මින්හැම් නුවරදී පැවැත්වෙයි.
19 වැනි සෙනසුරාදා සවස 5.30 ට වුලිච්හි "ගේට්වේ" ශාලාවේදී පැවැත්වෙන එම ප්‍රසංගය නම් කර ඇත්තේ "ගී අමා" යනුවෙනි. එය පැවැත්වෙන්නේ එමලි ගුණවර්ධන අරමුදලට ආධාර ලබාගැනීම උදෙසාය.
"ගී අමා" නමින් ශ්‍රී ලංකාවේ සුප්‍රකට සංගීත ශිල්පීන් සහභාගි වන සංගීත ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත්වෙන්නේ තුන්වන වතාවට බව ඒ පිළිබඳව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයෙහි සඳහන් වෙයි.
20 වැනි ඉරිදා සවස 3 ට බර්මින්හැම් නුවරදී පැවැත්වෙන සංදර්ශනය " රිදී රේඛා" යනුවෙන් නම්කර ඇත. බර්මින්හැම් ප්‍රසංගය පැවැත්වෙන්නේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ "එල්ගාර්" රඟහලේදීය.
වික්ටර් රත්නායක සහ සුනිල් එදිරිසිංහ සහභාගි වන සංගීත සංදර්ශනයක් බර්මින්හැම් නුවරදී පැවැත්වෙන මුල්ම අවස්ථාව මෙය බව එහි සංවිධායක වරුණ ලේල්වල පැවසුවේය.
සංදර්ශන සඳහා ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඇති සුරේෂ් මාලියද්ද, නිහාල් කලුබෝවිල,මහේන්ද්‍ර පැස්කුවෙල්, රුක්ෂාන් ගුණවර්ධන, සහ ප්‍රියන්ත දිසානායක සමඟ ලන්ඩන් නුවර පදිංචි වාදන ශිල්පින් වන රන්සිත් මුද්දුව, ප්‍රසාද් ඔරිඇන්ඩෝ, අංජුල ගුණසේකර, නුවන් පෙරේරා, ගුණමිණි දිසානායක, ටිරෝන් එමරල්ඩ් සහ සංජිව ගුණසේකර සංගීතය සැපයීම සඳහා සහාය වෙති.
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගී අමාවට වික්ටර් හා සුනිල් ලන්ඩනයේ
ලීල් ගුණවර්ධන Thursday, 17 September 2015 06:51 PM
ඔබ දෙපළ සාදරයෙන් පිළිගන්නවා. වික්ටර් ගායකතුමනි, කොහොමහරි අමාගඟක් ගලාලා පොළෝතලේ තෙමිලා යන ගීතය සැමටම අහන්න ගායනා කරන්න. සුනිල් එදිරිසිංහ ගායකයානන් ගයන මේතරම් සියුමැලිද කළුගල් ගීතයද ඉදිරිපත් කරන්න කියා මා දයාවෙන් ඉල්ලා සිටිනවා. ඔබ දෙපළට ජයෙන් ජය! (නි)