IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගහෙන් ගහ එකතු කර සැමියාට කබායක්

වසර 11 පුරාවට තම හිසෙන් ගැලවී වැටුණු කොණ්ඩ ගස් එකතු කර ඒවායින් කබායක් හා හිස්වැස්මක් මසා තම සැමියාට තෑගි කළ කාන්තාවක පිළිබඳව චීනයෙන් වාර්තා වේ.

ෂියෑන්ග් රෙන්සියෑන් නම් වන මේ කාන්තාව විශ්‍රාමික ගුරුවරියකි.ඇය දැනට 60 හැවිරිදි වියේ පසුවේ.

‘මට තරුණ කාලේ තිබුණා ලස්සන කොණ්ඩයක්.නමුත් වයසට යනකොට මගෙ රූපෙත් එක්කම කොණ්ඩෙත් වයසට යන්න පටන් ගත්තා.ගැලවී යන කොණ්ඩ ගස් ඉවත දමන්න මට හිත දුන්නේ නැහැ.ඉතින් මම ඒවා එකතු කළා.‘ ඇය කියන්නීය.

ඇය තම කොණ්ඩ ගස් එකතු කිරීමට පටන්ගෙන ඇත්තේ වයස අවුරුදු 34 සිටය.

එකතු කළ කොණ්ඩ ගස් වලට කුමක් කරන්නේදැයි ඇයට සැළසුමක් තිබී නැත.පසුව ඒවා යොදාගෙන තම සැමියාට කබායක් හා හිස්වැස්මක් මසා දෙන්නෙමියි ඇය ඉටාගෙන ඇත.

‘එක සැරේ කරන්න පුළුවන් වෙච්ච වැඩක් නොවේ.මොකද එක සැරේට කොණ්ඩ ගස් තොගයක් ගැලවිලා වැටෙන්නේ නැහැනේ.ඉතින් මම ගැලවි  වැටෙන හැටියට ඒවා එකතු කර ටික ටික තමයි කබායයි හිස්වැස්මයි මැහුවේ.මහලා ඉවර වෙද්දී අවුරුදු 11 ක් ගිහිල්ලා‘ ඇය පවසන්නීය.

කබාය හා හිස්වැස්ම මසා ඇති නූල් ‘හිස කෙස්‘ එකට අඹරා සාදාගත් ඒවාය. හිස කෙස් වලින් නූල් සාදාගැනීමට තමන්ට අපහසුවූවත් පසුව එම අභියෝගයත් ජයගත් බව ඇය කියන්නීය.

වසර 11 පුරාවට ගැලවී වැටුණු කොණ්ඩ ගස් ගණනද ඇය ගණන් කර ඇත්තීය.

‘මේ දෙක මහන්න මම කොණඩ ගස් 116058 ක් පාවිච්චි කර  තියෙනවා.මහලා ඉවර වුනාට පස්සේ කබාය ග්රෑම් 400 ක් විතර බර වුණා. තොප්පියේ බර වුණේ ග්රෑම් 120 ක් විතර‘ ඇය පවසන්නීය.



අදහස් (0)

ගහෙන් ගහ එකතු කර සැමියාට කබායක්

සමීර Wednesday, 05 February 2014 03:07 PM

හැම පිරිමියෙකුටම මේ වගේ ගැහැණු උදවිය ලැබේවා කියා පතනවා. (දී)

:       0       0

රූපවති Monday, 03 February 2014 04:30 AM

අනේ මේ වර්තා කලා වගේම අපේ ලංකාදීපය, ඒ ආදරණීය කබායේ පොටෝවක් අපේ දුප්පත් ඇස්දෙකට දැකගන්න ඉඩ නොතබුවේ ඇයි..?ඔබ දෙපළ මතු භාවයේත් මේ වගේම ආදරණීය සැමියා බිරිද වී උපදීවායි ප්‍රර්ථනා කරමි ..!!!!ඔබට දීර්ගායු වේවා..!!! (අ)

:       0       0

කිත්සිරි Monday, 03 August 2015 09:18 AM

විශිෂ්ට කාර්යයක් (නි)

:       0       0

අකිල Monday, 03 February 2014 08:43 AM

http://mekapudumalokayak.com/news_more.php?id=3541(දිල්)

:       0       0

ගාමිණී - සිරි Monday, 03 February 2014 09:50 PM

වැඩෙත් හොඳයි.. උත්සාහයත් හොඳයි ..භාර්යාවගේ තෑග්ගක් උනත් ,උකුණන් ගැන ටිකක් විමසිලිවීම වඩාත් වටිනවා.පාවිච්චිකළ .හිසේ කෙස් ගණනද නිවැරදිද කියා නැවත ගන්නකිරීම තවත් වටිනවා... (අ)

:       0       0

සන්ජය Sunday, 02 February 2014 12:46 PM

කියවන්න කලින්ම හිතුව ආසියාවේ වෙන්න ඕනේ, චිනේ වෙන්න ඕනේ කියලා.(නදී)

:       0       0

චින්තක Tuesday, 04 February 2014 02:38 AM

තව කොන්ඩ ගස් කීයක් විතර ඉතිරිද? (නදී)

:       0       0

ජයතිලක Sunday, 02 February 2014 02:28 PM

තම සුවාමියාට හදවතින්ම ආදරය කරන භාර්යාවක්.(නදී)

:       0       0

මිහිර Friday, 07 February 2014 07:00 PM

හරිම සුන්දර මානව සම්බන්දතාවයක්. මම ඔයාට ආදරේයි කියල ලක්ෂ වාරයක් කියනවටත් වඩා ප්‍රබල ආත්මීය ප්‍රකාශනයක්.(දී)

:       0       0

උපාලි Tuesday, 04 February 2014 07:12 AM

නියම වැඩක්.(නදී)

:       0       0

ගයාන් Friday, 07 February 2014 09:24 PM

ආදරය ඇත්තටම මේ වගේ සුන්දර වෙන්න ඕන හොද බිරිදක් ඔව්න්ට මම සුබ පතනවා (දී)

:       0       0

චමී Friday, 07 February 2014 08:29 AM

ලංකාවේ කාන්තාවන්ගේ කෙස් ගැලවෙන තරමටනම් අවුරුදු 11 ක් යන්නෑ කබායක් මහන්න. දවස් 11 න් මහන්න පුළුවන්..... (දී)

:       0       0

චන්දි Wednesday, 05 February 2014 12:21 PM

හිත ඇත්නම් පත කුඩාද..?කියන්නේ මේ වගේ දේවල් වලට තමයි, මේ වැඩේ ගැහැනියක් විසින් නිර්මාණය කරපු නිසාද මන්ද, සමහර අය වැරදි කතා ලියල තියෙන්නේ (අගය කලයුතු දේ අගය කරන්න පුරුදු වෙන්න )ස්තුතියි (අ)

:       0       0

චාමික Tuesday, 04 February 2014 01:39 PM

තම සැමියාට මෙතරම් ආදරය කරන බිරිදක් .ඔබට දීර්ඝායු ලැබේවා (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 107 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site