IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගාසා සටන් විරාමයකට ඇමෙරිකාවේ කැමැත්ත

ගාසා තීරයට තාවකාලික සටන් විරාමයක් අවශ්‍ය බව පෙන්වා දෙමින්, සටන් විරාමයකට යෑම සම්බන්ධයෙන් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.

එම යෝජනාවේ සඳහන් වන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්, හමාස් සංවිධානය වහා නිදහස් කළ යුතු බවය.

ඊට අමතරව, කිසිදු බාධාවකින් තොරව, ගාසා තීරයේ විපතට පත්ව සිටින පලස්තීනුවන්ට මානුෂීය ආධාර ලබා දීම කළ යුතු බව ද ඇමෙරිකාව යෝජනා කර තිබේ.

ඇමෙරිකාව මෙසේ තාවකාලික සටන් විරාමයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ගාසා තීරයේ රෆා නුවරට දිගින් දිගටම ඊශ්‍රායල හමුදා පහර දෙද්දීය. ගාසා පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඇමෙරිකන් රජය, ඊශ්‍රායලයෙන් දිගින් දිගටම ඉල්ලා සිටී.

ඇමෙරිකාව, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය එක් වී, ගාසා තීරයේ සටන් නැවැත්වීම සම්බන්ධයෙන්, හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය සමඟ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙයි.

හමාස් සංවිධානය ඉදිරිපත් කළ කොන්දේසිවලට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු දැඩි ලෙස විරෝධය පළ කර තිබේ. හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන්, ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් සියලු දෙනා මුදා හරින්නැයි හමාස් සංවිධානය කළ ඉල්ලීමට ඊශ්‍රායලය විරෝධය පළ කර තිබේ.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. එම ප්‍රහාරයේ දී, හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් 230 දෙනකු පැහැරගෙන ගාසා තීරයට ගෙන ගිය අතර, ඔවුන්ගෙන් 130 ක් තවමත් ගාසා තීරයේ සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටිති. ප්‍රාණ ඇපකරුවන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ද පැවැසෙයි. ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන් ගණන 28,858 කි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ගාසා සටන් විරාමයකට ඇමෙරිකාවේ කැමැත්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 252 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site