ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බැටකන ගාසා පලස්තීන වැසියන්ට මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20 ක්, ඊජිප්තු ගාසා රෆා දේශසීමා පිවිසුම ඔස්සේ ගාසා තීරයට ඇතුළු වුණු බව රතු අඩකව සංවිධානය පවසයි.
මෙම ආධාර මහා සාගරයක එක් ජල බිංදුවක් පමණක් බවත්, ඊශ්‍රායල වැසියන්ට තව තවත් මානුෂීය ආධාර නොකඩවා ලබා දීම කළ යුතු බවත් රතු අඩකව සංවිධානය පැහැදිලි කර ඇත.
ඊජිප්තුව හරහා මෙම ආධාර ගැබීම සිදුවූයේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ඊජිප්තු ජනාධිපති අල් සීසී අතරේ පැවැති සාකච්ඡාවලින් පසුවය.
මේ අතර හමාස් සටන්කාමින් සහ ඊශ්‍රායලය අතරේ හටගත්අර්බුදයට සාමකාමී විසදුමක් සෙවීමට, ඊජිප්තු ජනාධිපතිගේ මැදිහත් වීමෙන් ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට සූදානමක් පවතී.
මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 4,137 කි. තුවාල ලැබූ ගණන 1,400 ඉක්මවා ඇත.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගාසා වැසියන්ට මානුෂීය ආධාර