IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘ගාසා උමං වනසනතුරු සටන දිගටම‘

ගාසා තීරයේ අභ්‍යන්තර උමං ජාලය සම්පූර්ණයෙන්ම විනාශ කර දමන තෙක් සටන් නොනවත්වන බව ඊශ්‍රායෙල අගමැති ඛෙන්ජමින් නෙතන්යාහු පසුගියදා රූපවාහිනිය ඔස්සේ ඊශ්‍රායෙල ජනතාව අමතමින් පැවසීය.

ඊශ්‍රායෙල අගමැතිවරයාට අනුව ගාසා තීරයේ හමාස් සටන්කාමිීන් හා ඊශ්‍රායෙලය අතර ගැටුමට ස්ථීරසාර අවසානයක් ගෙන ඒමට නම් සටන්කාමිීන් අවි බිම තැබීම හැර අන් කිසි විකල්පයක් නොමැත.

ඊශ්‍රායෙල ජනතාව අනතුරේ හෙළා හමාස් සටන්කාමිීන්ට ඔවුනට වුවමනා අන්දමට කි්‍රයාකාරී වන්නට ඉඩ දෙන්නේ නැතැයි ඔහු අවධාරණය කළේය.

අගමැතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස හමාස් සංවිධානය දන්වා ඇත්තේ අවි බිම තැබීමකට හෝ ගිවිසුමකට හෝ එළැඹිීමට තමන්ගේ සූදානමක් නැති බවයි.පලස්තීන දරුවන් හා ජනතාව මරා දමමින් ඊශ්‍රායෙල සිදුකරන මේ මහා සංහාරයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයිද හමාස් සංවිධානය පවසා ඇත.

මේ දක්වා සිදුව ඇති සටන් වලින් පලස්තීන ජාතිකයෝ 1100 කට ආසන්න සංඛ්‍යාවක් මරු දැක ඇත්තාහ.ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සිවිල් වැසියන්ය.

ඊශ්‍රායෙලයේ කි්‍රයාකලාපය නිසා ඔවුන්ගේ කිට්ටු සගයෙකු වන ඇමරිකාවද දැන් ඊශ්‍රායෙලය හා අමනාපවී සිටින ආකාරයක් දැකගත හැකිය.ඇමරිකා ජනපති බැරක් ඔබාමා ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය විපතට පත්ව සිටින ගාසා තීරයේ ලක්ෂ 18 ක් පමණ වන ජනතාව හට සහන සේවා සැපැයීමට පැය 24 ක වත් සටන් විරාමයක් ඉල්ලා සිට ඇතත් ඊශ්‍රායෙලය ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

ඊශ්‍රායෙලය මිනිසුන් හිතුමතයේ මරා දමමින් ‘පිස්සු බල්ලෙකු‘ ලෙස කටයුතු කරමින් සිටින්නේයැයි ප්‍රකාශයක් නිකුත් කිරීමට ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනි කටයුතු කර තිබේ.

ඔහුගේ අදහස වී ඇත්තේ ඊශ්‍රායෙලය මර්දනය කිරීමට අරාබි රටවල් එකතු විය යුතුව ඇති බවයි.

හමාස් සංවිධානය හා ඊශ්‍රායෙලය අතර සටන් විරාමයක් ඇති කිරීමට බටහිර ඉවුරේ පාලනය හිමි ජනපති මොහොමඩ් අබ්බාස් ගේ රජය කටයුතු කරමින් සිටියද ඉන් ඵලක් නොමැති බවක් පෙනෙන්නට ඇත.වරක් හමාස් සංවිධානය සාකච්ඡා මේසයට පැමිණීමට සූදානමින් සිටින්නේයැයි අබ්බාස්ගේ රජයේ ප්‍රකාශකයෙන් සදහන් කළ අතර එයට වහා ප්‍රතිචාර දැක්වූ හමාස් සංවිධානය පැවසූයේ තම සංවිධානය එවැන්නකට කිසිසේත් සූදානම් නැති බවයි.

ඊශ්‍රායෙලය හා හමාස් සංවිධානය යන දෙපාර්ශවය අතර කඹ ඇදිල්ලේත්, ඔවුන් අතර ඇතිව තිඛෙන ගැටලූවට ස්ථීරසාර විසදුමක් සොයාදිය නොහැකිව ලත වන එක්සත් ජාතීන් ඇතුලූ මැදහත් පාර්ශවයන්ගේ ක්‍රියාකලාපයත් නිසා ගැටුම් තව තවත් වර්ධනය වෙමින් පවතී.

ගැටුම් ඇතිවීමට හේතු සාධාරණීකරණය කිරීමට ඊශ්‍රායෙලය හා හමාස් සංවිධානය දෙපාර්ශවයටම හැකිවූවත් වන්දි ගෙවමින් සිටින්නේ සාමාන්‍ය ජනතාව බව ඔවුන්ට අමතකව ගොස් ඇති සෙයකි.



අදහස් (0)

‘ගාසා උමං වනසනතුරු සටන දිගටම‘

මහින්ද Thursday, 31 July 2014 04:48 AM

ඇයි මිනිසුනේ සමගියෙන් ඉන්න බැරි? (නි)

:       0       0

එමානුවෙල් Thursday, 31 July 2014 06:06 AM

ඇයි මිනිසුන් මෙහෙම කා කොටාගන්නේ? (නි)

:       0       0

මහේෂ් ද සිල්වා Wednesday, 30 July 2014 04:56 PM

ඊශ්‍රායල් නායකයානනි, ඔබට අපගේ ප්‍රණාමය. (නදී)

:       0       0

මන්ජුල Thursday, 31 July 2014 09:30 AM

ඊශ්‍රායලයට ජය වේවා. කොන්ද කෙලින්තියා ඉන්න ලෝකේ එකම රට (අ)

:       0       0

මහේෂ් ද සිල්වා Wednesday, 30 July 2014 06:35 PM

ජය වේවා ! (නදී)

:       0       0

ධම්ම Thursday, 31 July 2014 09:54 AM

අප දන්නා දා ඉඳලා මේ දෙගොල්ලෝ මරා ගන්නවා. (අ)

:       0       0

ධම්ම Thursday, 31 July 2014 09:55 AM

අප දන්නා දා ඉඳලා මේ දෙගොල්ලෝ මරා ගන්නවා. ඉරාකයට, ඇෆ්ඝනිස්තානයට, ලිබියාවට, ඊජිප්තුවට, සිරියාවට කළා වගේ මේ දෙගොල්ලටත් දෙන්නකෝ වැඩක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site