ගාසා තීරයේ බලය හිමි හමාස් සංවිධානය ප්‍රහාර වලින් ආරක්ෂා වීමට සාමාන්‍ය වැසියන් පළිහක් ලෙස භාවිතා කරමින් සිටින්නේයැයි ඊශ්‍රායෙලය නගන චෝදනා සනාථ කිරීමේ සමත් සාක්කි සොයාගැනීමට එකසත් ජාතීන්ගේ සංවිධානයේ සහන හා සේවා ඒජන්සියේ නිරීක්ෂකයින් පිරිසකට හැකිව ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සහන හා සේවා ඒජන්සිය මූලිකත්වය ගෙන ගාසා තීරයේ ඉදිකර තිබූ පාසැල් ගොඩනැගිලි 2 ක තිබී රොකට් තොගයක් සොයාගැනීමට හැකිවූ බව එම නිරීක්ෂකයෝ පවසති.
දැනට එම ගොඩනැගිලිවල ගැටුම් වලට මැදිවී ආබාධිතවූවෝ 1500 ක් පමණ රැකවරණය ලබමින් සිටින බව සදහන්ය.
මේ පුවතත් සමග ප්‍රකාශයක් නිකුත් කර ඇති ඊශ්‍රායෙලය පවසා ඇත්තේ අරාබි ලීගය ඇතුලූ ලොව ඇතැම් රටවල් පලස්තීනයේ ජනාකීර්ණ ප්‍රදේශවලට ඊශ්‍රායෙලය පහර දෙමින් සිටින්නේයැයිද එම ප්‍රහාර වලට හසුවී මියයන්නේ සිවිල් වැසියන් යැයිද චෝදනා නගමින් සිටියත් එවන් තත්ත්වයක් ඇති කිරීමට මුල්වී ඇත්තේ හමාස් සංවිධානය බවයි.
කෙසේනමුත් ඊශ්‍රායෙලය හමාස් සංවිධානයට එරෙහිව නගන චෝදනා සාධාරණීකරණය කිරීමට තවමත් කල් වැඩියැයි මැදහත් නිරීක්ෂකයෝ කියති.
දෙපාර්ශවය අතර ගැටුම් ආරම්භ වී මේ වන විට සති 2 ක පමණ කාලයක් ගතව තිඛෙන අතර දැනට හමාස් සටන්කාමිීන් ඇතුලූ පලස්තීන් වැසියන් 650 කට ආසන්න පිරිසක්ද ඊශ්‍රායෙල හමුදා භටයින් 34 කට ආසන්න පිරිසක්ද මරු මුවට පත්ව ඇත.
ගාසා තීරයෙන් එල්ල වන්නට ගත් රොකට් ප්‍රහාර වලට ගුවනින්ම ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරමින් සිටියද නොනවත්වාම ගාසා තීරයෙන් ප්‍රහාර එල්ලවීම නිසා රොකට් ගබඩා හා ගාසා තීරයේ කූප්‍රකට භූගත උමං ජාලය විනාශ කිරීමේ අරමුණ ඇතිව ගොඩබිමින් ප්‍රහාර එල්ල කිරීමද ඊශ්‍රායෙලය අරඹා ඇත.
දෙපාර්ශවය අතර සටන් විරාමයක් ඇති කිරීමට ඊජිප්තුව මැදිහත්වීමට සිටියත් පවතින තත්ත්වය හමුවේ එය කි්‍රයාත්මක කිරීමට තවත් කල්ගත වනු ඇතැයි පැවසේ.
ගැටුම් නිසා ඊශ්‍රායෙලයට ගුවන් යානා ගමනාගමනයද තාවකාලිකව අත්හිටුවීමට යුරෝපය මෙන්ම ඇමරිකාවද තීරණය කර තිඛෙන අතර ඊශ්‍රායෙලය එම තීරණ නැවත සළකා බලන්නැයි ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාසා - ඊශ්‍රායෙල් ගැටුම උග්‍රවේ