IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගාසාව අත්පත් කරගැනීමේ ට්‍රම්ප් යෝජනාවට විරෝධය

පලස්තීනුවන්ට අයත්, පලස්තීනුවන් වෙසෙන ගාසා තීරය ඇමෙරිකාවේ පාලනයට ගෙන, එය සංවර්ධනය කර ආපසු පලස්තීනුවන්ට පවරා දීමට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

ට්‍රම්ප් මෙම යෝජනාව ඉදිරිපත් කළේ, ධවල මන්දිරයට පැමිණි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය.

පලස්තීන වැසියන්, පලස්තීනයේ පාලනය මෙහෙය වන හමාස් සංවිධානය, බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරිය, පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මහුමුද් අබ්බ්ස්, ට්‍රම්ප්ගේ යෝජනාවට දැඩි ලෙස විරෝධය පළ කරමින් පවසා ඇත්තේ, ට්‍රම්ප් පලස්තීනුවන් ජනසංහාරයකට ලක් කිරීමට සූදානම් වන බවය.

හමාස් සංවිධානය තරයේ පවසා ඇත්තේ, පලස්තීන වැසියන්ට තර්ජනයක් වන ආකාරයට ට්‍රම්ප් ගාසා තීරය අත්පත් කර ගැනීමට යෝජනා කිරීම නීති විරෝධී බවත්, කිසිසේත් ඊට ඉඩ ලබා නොදෙන බවත්ය. 

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ගාසාව අත්පත් කරගැනීමේ ට්‍රම්ප් යෝජනාවට විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site