IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ගාසාවට දෙදින සටන් විරාමයක්

ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී, ගාසා තීරය සඳහා පදින දෙකක සටන් විරාමයක් යෝජනා කර ඇත. 

එම දෙදින සටන් විරාමය අතරතුරේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන්ගෙන් සිවු දෙනකු නිදහස් කෙරුණු ඇති බවත්, එම සිවු දෙනා වෙනුවෙන් ඊශ්‍රායල රජය එරට බන්ධනාගාරගතව සිටින පලස්තීනුවන් පිරිසක් මුදා හැරීමට නියමිත බවත් ඊජිප්තු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවට ද මායිම් වෙයි. ඊශ්‍රායල හමාස් ගැටුම් සම්බන්ධයෙන්, ඊජිප්තුව සැමවිටම මැදිහත් වෙයි. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී පැහැදිලි කර ඇත්තේ ඉදිරි දින 10 ඇතුළත මෙම දෙදින සටන් විරාමය ආරම්භ වනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.  

සටන් විරාමය සම්බන්ධයෙන් තමන් මැදිහත් වී, ඊශ්‍රායල සහ හමාස් බලධාරීන් සමඟ දිගටම සාකච්ඡා කරමින් සිටින බව ද ඊජිප්තු ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

ඊජිප්තු ජනාධිපතිවරයා මේ ගැන මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ ඊජිප්තුවේ සංචාරයක් සඳහා පැමිණි ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙල්මඩ්ජීද් තෙබෝන් හමුවී, ඔහු ද සමඟ එම මාධ්‍ය හමුවට එක් වෙමිනි.



අදහස් (0)

ගාසාවට දෙදින සටන් විරාමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 483 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site