IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගෝවා කන්න : මව් පදවිය දිනා ගන්න

ගෝවා පවුලේ එළවළු ආහාරයට ගැනීම කාන්තාවන්ගේ ගැබ් ගැනීමට උපකාරීවන බව පර්යේෂණයකින් තහවුරු කැරගෙන ඇත.

බ්‍රිතාන්‍යයේ හාලේ සාපල්‍යතා චිකිත්සාගාරයේ පොෂණි වෙදිනියක වන නිමා සේවිඩස් පවසන්නේ කුඩා ගෝවා ගෙඩි අනුභවය ළමයින් ජනිත කරවීමට හේතුවන බවයි. එවැනි ආහාරවල අඩංගු පෝලික් අම්ලය ස්ත්‍රීන්ගේ ජනන ශක්තිය ඉහළ නංවයි. විටමින් වලින් අනූන බැවින් ශුක්‍රාණු ශක්තිය ඉහල යාමක් ද සිදුවන බව ඇය කළ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

සේවිඩස් මහත්මිය මෙසේ පවසන්නීය.

'' මේ ගෝවා සහ ගෝවා පවුලේ එළවළු ආහාරයට ගැනීමෙන් කාන්තාවන්ගේ ජනක ශක්තිය වැඩිවෙනවා වගේම ශුක්‍රාණුවල ශක්තිය ඉහළ යාමක් ද සිදුවනවා. ප්‍රතිඵලය වන්නේ සාරවත් ශක්තිමත් ශුක්‍රාණු ගර්භාෂයට ගොස් සංසේචනය වීමේ අවස්ථාව ඉහළ දැමීමයි. ඒ වගේම ගබ්සාවීමේ අවදානමත් පහළ යන බව අපි තහවුරු කැර ගත්තා.  "

ගෝවා ගෙඩියේ අඩංගු සංඝටක පිළිබද පරික්ෂා කළ ඇය වැඩිදුරටත් පවසන්නේ ගෝවා කුලයේ ආහාරවල ඇති ඩයින්ඩොලයිමීතේන් නමැති රසානිකය හේතුවෙන් කාන්තාවන්ගේ ලිංගික හෝමෝන සමතුලිතව තබාගැනීමට හැකියාව ලැබෙන බවයි. එය ද ගැබ් ගැනීම් සාර්ථක කැර ගැනීමට උපකාරවන්නකි.

 

 



අදහස් (0)

ගෝවා කන්න : මව් පදවිය දිනා ගන්න

දයා අලහාකෝන් Sunday, 08 December 2013 09:35 AM

මේක කියවලා අපේ බාල ලියන් හැමදාම ගෙදරට ගෝවා ගෙනෙයි.(නදී)

:       0       0

ගුණසිරී Monday, 09 December 2013 10:12 AM

පාරේ ගෙදර ලොකු නැන්දගේ බොහොම කාලයක ඉඳල ලොකු බඩක් තියනවා උන්දෑ හරිය ගෝවා කනවා. නමුත් බබල නම් හම්බ උනේ නෑනේ. (ස)

:       0       0

සුමංගල ඇල්පිටිය Saturday, 07 December 2013 01:05 PM

ඔන්න ගෝවා වලට හොඳ මිලක්. (නදී)

:       0       0

රූමී Sunday, 08 December 2013 11:35 AM

ඒකනේ කිව්වේ අල වගේද ගෝවා කියලා.(නදී)

:       0       0

මධු Saturday, 07 December 2013 01:57 PM

වස විෂ නැති එළවලු අපට කන්න ලැබේවා ! (නදී)

:       0       0

සැම් Saturday, 07 December 2013 02:38 PM

මට මතක් වෙන්නේ හිඟන කොල්ලා කතාවේ එන මේ දෙබස '' මේ ළමයාගේ පියා කෝ ?'' පියා නැහැ මහත්මයා"" එතකොට මේකා ගොඩ ගෙරවිල්ලට හැදුන එකෙක්ද? "" මේ ප්‍රවුර්තිය අනුව අවසාන වාක්‍ය මේ විදියට වෙනස් කල හැකී . "" මේ ළමයා ගෝවා කාලා හැදුන එකේද??'' (අ)

:       0       0

ප්‍රියා මදු Monday, 09 December 2013 01:07 PM

ගෝවා වලට හොඳ ඉල්ලුමක්. (ස)

:       0       0

සත්‍යයා Sunday, 08 December 2013 01:34 PM

මේ විද්‍යාත්මක හරයක් ඇති ලිපි හොඳ දියුණු ආර්ථිකයක් ඇති ජනගහන වේගය අඩු රටවලට. අපේ රටේ පැදුර පෑගුවත් කාන්තාවෝ ගැබ් ගන්නවා. ඊළඟට එන ප්‍රශ්නය ඉපදුන එකා ට කන්න දෙන්නේ කොහොම ද කියන එක. (ස)

:       0       0

සත්‍යයා Sunday, 08 December 2013 01:35 PM

"කිරි හොඳයි පැණි තියෙනවා නම්" කිව්වා වගේ ගෝව හොඳයි සල්ලි තියෙනවනම් කියල ලංකාවේ සන්දර්භයේදී වෙනස් වෙන්න ඕනේ. (ස)

:       0       0

සමීර Monday, 09 December 2013 01:19 PM

අත් වැරදිම් වලින් ඉපදෙන ළමයින්ටත් කියන්න පුළුවන් අපේ අම්මා ගෝවා කෑවානෙ කියලා. (ස)

:       0       0

රොහාන් Monday, 09 December 2013 01:22 PM

හිත මතා තීරණ ගන්න (ස)

:       0       0

වාසනා කුරුප්පුආරච්චි Monday, 09 December 2013 01:30 PM

අනේ ගුණසිරි ගෝවම කල ඇතිද ඉතින්... (ස)

:       0       0

සුජිත් Monday, 09 December 2013 06:24 AM

හිතා මතා තීරණ ගන්න ඕනෑ (නි)

:       0       0

ආරියසේන Saturday, 07 December 2013 09:44 PM

අපේ කාන්තාවනට ගෝවා කොලේම පිහිටයි.(දිල්)

:       0       0

කළුඅදුර Monday, 09 December 2013 06:37 AM

හිතා මතා තීරණ ගන්න (නි)

:       0       0

රෝයා Saturday, 07 December 2013 10:48 PM

අද ගෝවා. හෙට රාබු. අනිද්දා නෝකෝල්.මෙහෙමත් පර්යේෂණ. බලමුකෝ වස විෂ සහිත ගෙඩිගොව කාලා මොකද වෙන්නේ කියලා.(දිල්)

:       0       0

රකිත් Friday, 13 December 2013 08:00 AM

තව නියෝජ්‍ය ඇමතිකමක් අද හෙටම බිහිවෙයිද දන්නෙ නැහැ, ගෝවා වගාව සඳහා? (නි)

:       0       0

තරූ Tuesday, 10 December 2013 12:08 PM

ලංකාවේ ගෝවා වලට ගහන රසායනික ද්‍රව්‍ය ගැන බලද්දී ගෝවා කෑවොත් ඉක්මනටම මැරෙන්න පුළුවන්. (ස)

:       0       0

හංසි Saturday, 14 December 2013 07:21 PM

ගෝවා හෙට ඉදලා ගණන් යාවි. (නදී)

:       0       0

ගිම්හාණි Monday, 09 December 2013 03:17 PM

ගෝවා වලට ගිය කලක්.(නදී)

:       0       0

මොනොලිසා Monday, 09 December 2013 03:48 PM

අල වගේද ගෝවා කියන පැරණි කියමන අද සනාථ වෙනවා. (ස)

:       0       0

නුගේගොඩ Monday, 09 December 2013 09:04 AM

ගෝවා පාත්තියක් කැවත් මදි. (නදී)

:       0       0

නුගේගොඩ Monday, 09 December 2013 09:04 AM

ගෝවා පාත්තියක් කැවත් මදි. (නදී)

:       0       0

සංජු Sunday, 08 December 2013 04:34 PM

තව ටික දවසකින් කියයි කෙසෙල් තමයි හොඳම කියල. අනේ කොල්ලනේ අපට දෙයියන්ගේම පිහිටයි. (ස)

:       0       0

හේරත් Sunday, 08 December 2013 04:36 PM

ඇයි දෙවියනේ ගෝවා ගෙඩියේ ශුක්‍රාණු ද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 84 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2023 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site