
තලේබාන්වරුන්ට බියෙන් ඇමෙරිකන් හමුදා ගුවන් යානයක එල්ලී යෑමට උත්සාහ කරද්දී, වැටී මියගිය තරුණයන් කිහිප දෙනකුගෙන් එක් අයකු වන්නේ 19 හැවිරිදි සාකී අන්වර් නමැත්තා බවත්, මොහු ඇෆ්ගන් ජාතික පාපන්දු කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයකු බවත් ඇෆ්ගන් ක්‍රීඩා අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
තලේබාන්වරුන් කාබුල් අගනුවර අත්පත් කරගත් අවස්ථාවේදී, ඇෆ්ගනිස්තානයෙන් පලා යෑමට ඇෆ්ගන් වැසියන් දස දහස් ගණනක් කාබුල් ගුවන්තොටුපොළේ පොරකන්න වූයේ පසුගිය 15 වැනිදා සහ 16 වැනිදාය.
බොහෝ ඇෆ්ගන් වැසියන් බලහත්කාරයෙන් ඇමෙරිකන් හමුදා යානාවලට ගොඩවුණු බවත්, එසේ ගොඩවුණු ඇෆ්ගන් වැසියන් 600 කට වැඩි පිරිසක් කටාර් වෙත රැගෙන යෑමට ඇමෙරිකා ගුවන් හමුදාව කටයුතු කළ බවත් වාර්තා විය.
පාපන්දු ක්‍රීඩක අන්වර් ඇතුළු ඇෆ්ගන් තරුණයන් බොහෝ දෙනකු ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් සී 17 හමුදා යානයක රෝදවලත්, පියාපත්වලත් එල්ලී යෑමට පොර කන්නට වූයේ, එම යානය ඔවුන් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ බැවිනි.
ගුවන්ගතවුණු යානයෙන් ඇෆ්ගන් වැසියන් පහළට වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ සැමගේ හදවත් කම්පා කරමිනි. ඇමෙරිකන් හමුදා පසුව නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ යානයේ රෝද කට්ටල අතරේ පවා මිනිස් සිරුරු කොටස් තිබී හමුවුණු බවය.
ඇමෙරිකා හමුදා සෙබළුන් තවමත් කාබුල් අගනුවර ගුවන් තොටුපොළේ රැදී සිටින අතර, ඇෆ්ගන් සිවිල් වැසියන්ට එරටින් පිටවීමට අවශ්‍ය සහාය ලබා දීම සිදු කරයි. ඇමෙරිකන් සොල්දාදුවන්ගේ සහායට කැනඩා හමුදා බලඇණියක් ද පැමිණ සිටින බව පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2344
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් යානයෙන් වැටී මැරුණේ පාපන්දු ක්‍රීඩකයෙක්