සිරියාවේ ඇලේප්පෝ නගරයේ ගුවන් ප‍්‍රහාර වලට හසුවී සුණුවිසුණු වී තිබූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර පැය 16 කට වැඩි කාලයක් සිරවී සිටි අවුරුදු 2 ක් පමණ වයසැති කුඩා දරුවෙකුගේ දිවි ගලවා ගැනීමට සහන සේවකයෝ සමත්වූහ.
දරුවාගේ හිසට සිදුවී තිබූ සීරුම් කිහිපයක් හැරෙන්නට ඔහු සිටියේ නිරුපද්‍රිතවය.
සහන සේවකයෝ සුන්බුන් අතර සිරවී සිටි දරුවාගේ මවද ගලවා ගත්හ.දරුවාගේ හැඩුම් ශබ්දය මුල සිටම ඇසුණත් සුන්බුන් අතරින් ශබ්දය නැගෙන්නේ කොහේ සිටදැයි සොයාගැනීමට නොහැකිව බොහෝ වේලාවක් ගත කිරීමට සිදුවුනි.
පසුව ප‍්‍රවේසමින් සිදුකළ විමර්ෂණයක් අවසානයේ සුන්බුන් අතර සිරවී හඩන දරුවා සොයාගැනීමට හැකිවිය.
දරුවා ගලවාගැනීමත් සමග සියලූදෙනා ජයගොස නැගූහ.මෙතරම් විනාශයක් හමුවේ දරුවා නිරුපද්‍රිතව සිටීම ප‍්‍රාතිහාර්යයක් යැයි ඔවුහු කීහ.
සිරියා රජයේ හමුදා කැරළිකරුවන් රැදී සිටින්නේයැයි සැකකෙරන ප‍්‍රදේශවලට නොනවත්වාම ගුවන් ප‍්‍රහාර එල්ල කරන අතර මෙයද එවන් අවස්ථාවකි.
මෙම ගුවන්ප‍්‍රහාර වලට හසුවී වැඩිමනත් මියයනුයේ කැරළිකරුවන් නොව සිවිල් වැසියන් බව මානව හිමිකම් සංවිධාන කියයි.
2025 නොවැම්බර් මස 04
343
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2149
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1627
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් ප්‍රහාරයෙන් ළදරුවා බේරේ
සුදන්ත ශ්‍රියානි Wednesday, 16 July 2014 09:44 AM
පින් ඇති පුතෙක් ගලවා ගත් පිරිසට ශක්තිය දහිරිය ලැබේවා (නදී)
විජේසිංහ Monday, 14 July 2014 07:39 AM
අනේ! පුංචි හා පැටියෙක් වගේ අහිංසකයි (නි)
කලනි Monday, 14 July 2014 07:40 AM
හරිම හුරතල් දරුවෙක් (නි)
රවීන්ද්‍ර - ඕමාන් Sunday, 13 July 2014 12:30 PM
කරදරයකින් තොරව ඒ ජීවිත ගලවා ගත්ත පිරිසට අපගේ උත්තමාචාරය. (නදී)
රැවන් චාමර Wednesday, 16 July 2014 08:37 AM
බබා බේරා ගත් කට්ටියට අපේ ගෞරවය. (නදී)
ප්‍රසන්න Monday, 14 July 2014 11:01 AM
අවරුදු දෙකක් වෙන්න විදියක් නෑ වගේ මේ පැටියට.. ගොඩක් පුංචි පාටයි....(ස)