IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ගුවනේදී පිරිසක් හදිසියේ ලෙඩ වෙති : යානය යළි හරවයි

ලන්ඩන් නුවර සිට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දක්වා පියාසර කරමින් තිබූ ඇමරිකා ගුවන් සේවයට අයත් 109 යානය මගීන් කිහිප දෙනකු හා කාර්ය මණ්ඩලයේ පිරිසක් හදිසියේ අසනීප වීම හේතුවෙන් ආපසු ලන්ඩන් බලා පැමිණීමට තීරණය කළ බව විදෙස් පුවත් සේවා පවසයි.

යානය ගුවන්ගත කර පැය දෙකකට පමණ පසු අයිස්ලන්තයේ කෙෆ්ලැවික් ආසන්නයේදී බොහෝ පිරිසක් එක්වරම අසනීප වීම හේතුවෙන් යානයේ සිටි පිරිස බියට පත්වූ බවත් ඒ හේතුවෙන් යානය නැවත ලන්ඩන් බලා පියාසර කරවීමට ගුවන් නියමුවා තීරණය කර ඇති බවත් විදෙස් ආරංචි කියයි.

ඇමරිකන් ගුවන් සේවය ඊමේල් පණිවිඩයක් නිකුත් කරමින් පවසනුයේ මගීන් දෙදෙනකු හා යානයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු සිහිනැති ගතියකින් පෙළුණු බවට පැමිණිලි ලැබුණු බවයි. බ්‍රිතාන්‍ය ඩේලි ටෙලිග්‍රාප් පුවත්පත වාර්තා කර ඇත්තේ එක් ගුවන් සේවකයකු ක්ලාන්තවී ඇති බවයි.

යානයේ සිටි පිරිස අසනීප වීමට හේතුව නිෂ්චිතව තහවුරු කරගෙන නොමැති බවත් හිස කරකැවීම හා සිහිය නැතිවීම වැනි රෝග ලක්ෂණ පෙන්වීමට ඇතැම් විට ජෙට් එන්ජිමේ දුමාරය යානය ඇතුළතට කාන්දු වීම විය හැකි බවට සැක කෙරෙන බවත් හීතෘෘ ගුවන්තොටුපළ ආරංචි කියයි.



අදහස් (0)

ගුවනේදී පිරිසක් හදිසියේ ලෙඩ වෙති : යානය යළි හරවයි

ලක්ෂිත පැරිසිය Saturday, 30 January 2016 05:43 PM

මම යන්නේ ශ්‍රී ලංකන්. මට හොඳයි ඒක (නි)

:       0       0

මහේෂ් Friday, 29 January 2016 12:32 PM

අජිත් කියන කතාව ඇත්ත..(හේ)

:       0       0

චතුරි Friday, 29 January 2016 12:46 PM

ඇමරිකන් එයාර් එකේ යන්න වාසනා කරන්න ඕන ,මිනිසුන්ව තෝරන්නේ නැහැ. මුදලට වැඩිය සේවයක් ලබාදෙනවා මිනිසා මිනිසාට ආදරෙයි කරන විදිය බලාගන්න යන්න රවුමක් (බ)

:       0       0

සමන්ත Friday, 29 January 2016 01:21 PM

සින්ගපූරු ගුවන් සේවයේ ප්ලාස්ටික් හිනා දාන, හදවතක් නැති රොබෝවරු වැනි ගුවන් සේවිකාවන්ට වඩා නම් ශ්‍රීලන්කන් එකේ අය 100 ගුණයක් හොඳයි (බ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 29 January 2016 07:13 AM

මා ගමන් කර ඇති අප්‍රසන්නම ගුවන් සේවාවන් වන්නේ ඇමරිකානු ගුවන් සේවායි. හොඳම ගුවන් සේවාව වන්නේ පැරණි එයාර්ලංකා ය. ඒ කාලයේ මෙම ගුවන් සේවයට බඳවා ගත්තේ ඉතාමත් සුරූපී ලඳුන්. ඒකට දැන්.....(බ)

:       0       0

ඩුබායි අජිත් Friday, 29 January 2016 08:46 AM

ශ්‍රීලංකන් එකේ ලඳුන් ට කියා දෙන්න ඕනේ මිනිස්සුන්ට සලකන විදිහ. විශේෂයෙන්ම අසරණ ගෘහ සේවිකාවන්ට සලකන්නේ ඉතාම පහත් විදිහට විදේශිකයන්ට විතරයි විශේෂ සැලකිලි. (කෞ)

:       0       0

කරුණාජීව Saturday, 30 January 2016 11:59 PM

සමන්ත, මාගේ පළමු සහ අවසාන ශ්‍රී ලංකන් ගුවන් ගමන වුයේ 1992 වර්ෂයෙයි. ගුවන් සේවිකාවන්ගේ සැළකීම එතරම් අගනේය. (නි)

:       0       0

ලංකාසිරි Friday, 29 January 2016 09:21 AM

පිටිගල මහත්මයා ගුවන් සේවාවක් හොඳ වෙන්නේ සුරූපී ලඳුන් හිටියෝත්ද? (කෞ)

:       0       0

සන්ද්‍යා Friday, 29 January 2016 07:04 PM

ඇමරිකන් එකේ ගිහින් බලන්න කොහොමද කියලා. ශ්‍රී ලංකන් එක තමයි හොඳ. ළඳුන් ගැන නෙමෙයි සැළකීමයි හොඳ (නි)

:       0       0

ලංකාපුත්‍ර Sunday, 31 January 2016 04:41 AM

මමත් ඔය හුගක් ගුවන් යනාවල ගිහින් තියනවා.එත් ලංකාවේ අය සමහර වෙලාවට සලකන්නේ අපි එයාලගේ ගුවන් යානයේ යන්නේ පිනට කියල වගේ . ඇමෙරිකාව වගේ රටකට ඇවිල්ල බලන්න තමන්ගේ සේවාදායකයට කොහොමද සලකන්නේ කියල. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 550 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2260 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1695 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site