
ජර්මනියට සහ බෙල්ජියමට බලපා තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් සෙනසුරාදා පස්වරුව වනවිට මිය ගිය ගණන 170ක් දක්වා ඉහළ ගොස් තිබේ.
හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ගංඟාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර නිවාස ගණනාවකට හානි සිදු වී ඇත.
ඊට අමතරව මාර්ගවලට ද විදුලිය සහ ජලය ආදී යටිතල පහසුකම් පද්ධතිවලට බරපතළ හානි සිදු වී ඇත.
අඩ සියවසකට පසු ජර්මනියට බලපා ඇති දරුණුම ස්වභාවික ගංවතුර තත්ත්වය මෙය යැයි ද පැවසේ.
ගංවතුර තත්ත්වය හේතුවෙන් ජර්මනියේ පමණක් මියගොස් ඇති ගණන 143කි. කොලොන් හි දකුණට වන්නට පිහිටි ආර්වයිලර් දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වී ඇති මරණ ගණන 98කි.
තවමත් සිය ගණනක් අතුරුදන් වී හෝ කිසිදු හෝඩුවාවක් හෝ ප්‍රතිචාරයක් හෝ නැතැයි ද ජර්මානු බලධාරීහු ප්‍රකාශ කළහ.
බොහෝ ස්ථානවල ඉහළ ජල මට්ටම් හේතුවෙන් ගමනාගමනය ඇණහිට ඇති අතර අහිතකර කාලගුණ තත්ත්වය සහ මෙම දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ස්ථාන රැසක සන්නිවේදන කටයුතු අඩපණ වී ඇත.
බෙල්ජියමේ ජාතික ආපදා මධ්‍යස්ථානයට අනුව ගංවතුර තත්ත්වය හේතුවෙන් එරටින් වාර්තා වන මරණ ගණන 27කි.
එම මධ්‍යස්ථානයට අනුව පුද්ගලයන් 103 දෙනකු පිළිබඳ කිසිදු තොරතුරු තවමත් වාර්තා වී නැත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
689
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගංවතුරින් මියගිය ගණන ඉහළට
Samanthika Monday, 19 July 2021 03:19 PM
මේ වනවිට ජර්මනියේ දකුණු ප්‍රදේශයක් වන බයර්න් දිස්ත්‍රික්කයේ, ඕස්ට්‍රේලියාවේ සහ ස්විට්සර්ලන්තයේත් මෙම ගංවතුර තත්වය බලපා ඇත.