IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ගෝලීය උණුසුම ඉහළ ගිහින්: අයිස් දියවී සාගර ජලය වැඩිවෙලා

සමාජීය, ආර්ථික සහ දේශපාලනික ගැටලූ මැද, අන් කවරදාටත් වඩා ගෝලීය උණුසුම ද හිටිහැටියේ ඉහළ ගොස් ඇති බවත්  හරිතාගාර වායු වැඩි වැඩියෙන් වායුගෝලයට එක් වී, ධ‍්‍රැව අයිස් තට්ටු දිය වී සාගර ජල මට්ටම ඉහළ යෑමට පටන් ගෙන ඇති බවත් එය වැළැක්වීමට මනුෂ්‍ය වර්ගයාට කළ හැකි දෙයක් නැති බවත් ජගත් කාලගුණ විද්‍යා සංවිධානය පවසයි. එම සංවිධානයේ විද්‍යාඥයන් මේ බව අනාවරණය කළේ කටාර් රාජ්‍යයේ ඩෝහා නුවර පැවැත්වෙන ජගත් පරිසර සමුළුවේදීය. මේ වනවිට ගී‍්‍රන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවීමට පටන් ගෙන ඇති බවත්, ඇන්ටාක්ටිකාවෙන් කැඞී වෙන් වී සාගරයට එක් ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය තරම් විශාල අයිස් තට්ටුවක් බවත් ජගත් කාලගුණ විද්‍යා සංවිධානය ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙයි. සාගර ජලයට එක් වන එම අයිස් තට්ටුවේ ප‍්‍රමාණය වර්ග කිලෝ මීටර් මිලියන 11.83  ක් බව ද පැවැසෙයි. ගෝලීය උණුසුම පිළිබඳ අවධානය යොමු වීමත් සමඟ ජගත් කාලගුණ විද්‍යා සංවිධානය ඒ ගැන විමසිලිමත් වීම ආරම්භ කළේ මීට වසර 10 කට පෙරය. මේ වසරේ එනම් 2012 දී එය ගෝලීය උණුසුම වාර්තා ගත මට්ටමකින් ඉහළ ගොස් ඇති බවත් මීට මාස කීපයකට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයට, යුරෝපයට සහ රුසියාවට බලපෑ දරුණු නියඟ එහි ප‍්‍රතිඵලයක් බවත් ජගත් කාලගුණ විද්‍යා සංවිධාන පැහැදිලි කරයි. පරිසර උණුසුම් වීමත් සමඟ කාලගුණ පෙරැළි ඇතිවීමේ අවදානම ද ඉතා ඉහළ මට්ටමක පවතින බවත් පසුගිය දා ඇමෙරිකාවට කඩා වැදුණු ‘සැන්ඩි’ සුළිකුණාටුව එහි ප‍්‍රතිඵලයක් බවත් කාලගුණ විද්‍යා සංවිධානය වෙනුවෙන් එහි මහ ලේකම් මයිකල් ජුරාඞ් පවසයි. 1990 වසරේ දී ‘කියෝතෝ’ ප‍්‍රඥප්තියට අනුව ගෝලීය උණුසුම පිටුදැකීමට මානව වර්ගයා කටයුතු කළේ නම්, අද මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමට මනුෂ්‍ය වර්ගයාට සිදු නොවනු ඇති බවත් දැන් ආපසු හැරීමට ප‍්‍රමාද වැඩි බවත් මහ ලේකම් ජුරාඞ්, කටාර් සමුළුවට රැස්ව සිටි මාධ්‍යවේදීන්ට කියා සිටියේය. ඩෝහා දේශගුණික සමුළුව පැවැත්වෙද්දී ...



අදහස් (0)

ගෝලීය උණුසුම ඉහළ ගිහින්: අයිස් දියවී සාගර ජලය වැඩිවෙලා

රොහාන් Sunday, 02 December 2012 07:58 AM

ඔන්න බලන්න 2012 ලෝක විනාසයේ පෙර මග ලකුණු (දී)

:       0       0

මුතු Saturday, 01 December 2012 12:10 AM

තව ගස් කප කප කැලෑ විනාශ කරන්න (දී)

:       0       0

පහන් Friday, 30 November 2012 04:46 PM

ගෝලීය උණුසුම් වීම (සහ හරිත නිවාචර ආචරණය )හමුවේ ගබඩාකර ඇති න්‍යෂ්ටික අවි පුපුරා යාම සිදුවිය හැකියි නේද? (නි)

:       0       0

මධුශාන් Friday, 30 November 2012 05:07 PM

මොනවා කිව්වත් මිනිස්සු තේරුම් ගන්නේ නෑ . විනාස වෙනකම්ම ඔහොම දේ කරාවි (ස)

:       0       0

ගමගේ Saturday, 01 December 2012 03:23 PM

අපි වගේ පුංචි රටවල් වලට බුදු සරණයි (ස)

:       0       0

අජිත් Saturday, 01 December 2012 09:46 AM

අස්සයා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නෑ . දැන් ඉතින් වැඩක් බලාගෙන ඉන්නයි තියෙන්නේ (ස)

:       0       0

සුනිල් Sunday, 02 December 2012 02:17 AM

ස්වභාව ධර්මය විසින් පරිසරයට විනකරන්නවුන් ඉවත් කිරීම ස්වාභාවිකයි. (නි)

:       0       0

අරවින්ද Sunday, 02 December 2012 05:01 AM

මෙහෙම ගියොත් අපි ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1769 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1455 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site