IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගිලාඞ් යද්දී රුඞ් ආපසු අගමැති පුටුවට


 ඕස්ටේ‍්‍රලියාවේ පාලක කම්කරු පක්ෂයේ නායකත්වය වෙනුවෙන් ඉකුත් 26 වැනිදා පැවැති ඡුන්ද විමසුමෙන් පරාජය වූ අගමැති ජුලියා ගිලාඞ්, සිය ධුරයෙන් ඉල්ලා අස් අස්වීමත් සමඟ නව අගමැති ලෙස කෙවින් රුඞ් ඊයේ (27) දිවුරුම් දුන්නේය.
 ඕස්්ටේ‍්‍රලියාවේ අගමැති ධුරයට පත්වන්නේ පාලක පක්ෂයේ නායකත්වයට පත්වන තැතැත්තා හෝ තැනැත්තියයි.
කම්කරු පක්ෂ මහ සමුළුවේදී, සිදුවුණු ඡුන්ද විමසුමේදී ඡුන්ද 57 ක් දිනා ගනිමින් ජයග‍්‍රහණය කළේ හිටපු අගමැතිවරයකු මෙන්ම, ගිලාඞ්ගේ රජයේ විදේශ ඇමැතිවරයා ලෙස ද කටයුතු කළ කෙවින් රුඞ්ය. ගිලාඞ්ට හිමිකර ගැනීමට හැකිවුණේ ඡුන්ද 45 ක් පමණි.
  ඕස්ටේ‍්‍රලියානු අගමැතිවරිය ලෙස ගිලාඞ් තේරී පත් වූයේ 2010 වසරේ දීය. එම අවස්ථාවේදී අගමැති ලෙස කටයුතු කරමින් සිටියේ රුඞ්ය. ගිලාඞ්ගේ මෙහෙයවීමෙන් සිදුවුණු පක්ෂ කුමන්ත‍්‍රණයකින් රුඞ් අගමැති ධුරයෙන් මෙන්ම, කම්කරු පක්ෂ නායකත්වයෙන් ද ඉවත් කෙරුණි.


2010 ජුනි 24 වැනිදා  ඕස්ටේ‍්‍රලියා අගමැතිවරිය ලෙස ගිලාඞ් දිවුරුම් දුන්නා ය.  ඕස්ටේ‍්‍රලියාවේ අගමැති ධුරයට පත් ප‍්‍රථම කාන්තාව ඇය විය. එදා එනම් 2010 ජූනි 24 වැනිදා,  ඕස්ටේ‍්‍රලියා අග‍්‍රාණ්ඩුකාරවරිය  ක්වින්ටන් බ‍්‍රයිස් ඉදිරියේ අගමැති ධුරයේ දිවුරුම් දෙමින්  ගිලාඞ්, ප‍්‍රකාශ කළේ යහපාලනය ඇති කරමින්, මුළු මහත්  ඕස්ටේ‍්‍රලියා ජාතිකයන් වෙනුවෙන් ඇපකැප වී කටයුතු කිරීමට තමා පොරොන්දු බවය.


එම පොරොන්දු ඉටු කිරීමට ඇය අසමත් වූ බව, ඇගේ පක්ෂයේත් රටේ ජනතාවගේත් අදහසය. සංක‍්‍රමණික නීති සම්බන්ධයෙන් ගිලාඞ් නීති දැඩි කිරීමට කටයුතු කළාය.


ඉස්ලාමීය අන්තවාදය  ඕස්ටේ‍්‍රලියාවට අවශ්‍ය නැති බව ඇය තරයේ විශ්වාස කළ අතරම ඒ වෙනුවෙන් දැඩි තීරණ ගත්තාය.
ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙන් ඇය ‘කාබන් බද්දක්’ ද පැනැවූවාය.



අදහස් (0)

ගිලාඞ් යද්දී රුඞ් ආපසු අගමැති පුටුවට

රංග Saturday, 29 June 2013 05:50 PM

රුඩ් නෙවේ රඩ්.(නදී)

:       0       0

උදය Friday, 28 June 2013 08:34 PM

එයා ඉස්ලාම් අන්තවාදය එයාගේ රටට එපා කියල කිව්වා විතරයි. අරාබියේ වගේ එකාට එකා මරා ගත්තේ නැහැ. එයාට ඒ විදියට වැඩ කරන්න අයිතිවාසිකම් තියෙනවා. අරාබියේ වගේ වෛරයෙන් පලි ගන්නේ නැහැ. ඕස්ට්‍රේලියාව ලංතාව ගැන වුනත් ලිහිල් ප්‍රතිපත්ත්යක් ගෙනියන්නේ. යුරෝපයයි ඇමෙරිකාවයි වගේ නොවෙයි.(නදී)

:       0       0

දිල්හානී Monday, 01 July 2013 07:34 PM

ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කල නායිකාවක්. ඈගේ නිවාස ඉතා චාම් නිවසක්. එරට සිටින සංක්‍රමනිකයන්ටත් ඊට වඩා වටින නිවෙස් තිබෙනවා. ලංකාවේ නම් දේශපාලුවෝ මහජන මුදල් වලින් මාලිගා හදන්නේ.(නදී)

:       0       0

රිෂාර්ඩ් Friday, 28 June 2013 03:37 PM

ඇය ඉස්ලාමීය අන්තවාදයට තව තව උඩගෙඩි දුන්නාය .අවසානයේ ගෙදර ගියාය ? ලෝකේ අවුස්සන්න්න කියාපු කට්ටිය අනේ අම්මපා.(අ)

:       0       0

රන්ජිත් Friday, 28 June 2013 03:44 PM

ඔහු සැබෑ නායකයෙක් , ඒ වගේම උගතෙක්. අවංක පුද්ගලයෙක්. ඉදිරිය රටට ගුණ දායකයි.(නදී)

:       0       0

චූලා Saturday, 29 June 2013 01:07 AM

අයි ඔබ ඉල්ලා අස් වුනේ. නුල් සුත්තරයක් කරලා ඔය රුඩ් මහතාව පැත්තකට තල්ලු කරන්න එපැයි. ඔබ ඔවැනි ක්‍රම දන්නේ නැතිනම් අහ ගන්න ආසියාවේ මුතු ඇටේ ලංකාවෙන්. විශ්වාස බංග,පෙත්සන්, බොරු චෝදනා,කුමන්ත්‍රණ වැනි දේ මගින් ඕව පරාජේ කිරීම, උද්ගෝෂණ,පෙළපාලි,හරහා ඔබට බලයේ ඉන්න තිබුනා.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 28 June 2013 04:44 PM

ලංකාව ආදර්ශයට ගත යුතු අය. ජුලියා ගිලාඞ් නිල නිවසින් අදම පිටවෙලා ගිහින් එයාගේ පරණ ගෙදරට යනවා. අපේ දේශපාලකයෝ ඉන්න ගෙවල් දිහා බැලුවම මේක හද්ද පරණ ගෙයක්. (අ)

:       0       0

සෑම් Saturday, 29 June 2013 04:19 AM

ගිලාර්ඩ්ට කවදාවත් ඡන්දෙන් දිනලා අගමැති වෙන්න බැරිවුනා.(නදී)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් Saturday, 29 June 2013 05:44 AM

ගොඩක් කලකින් හොද හුස්මක් ගන්න පුළුවන් ප්‍රවෘත්තියක්. කාන්තා පක්ෂය අත ගහන ගොඩක් දේවල් ඉවර වෙන්නේ විනාශයකින්. මතුවට ඕස්ට්‍රේලියාවට හොඳ කලක් උදාවේවා! (නි)

:       0       0

මංගල Saturday, 29 June 2013 06:59 AM

මම ඔහුට කැමතියි. ඔහු හොදට කරයි.(නදී)

:       0       0

මාධවී Tuesday, 02 July 2013 06:40 AM

පොළොවේ පය ගහල ජීවත්වන දේශපාලකයෝ ඉන්න රටක්.රටට සේවයක් කරනවා මිසක් පරම්පරා ගණනකට පොඩි බැඳගෙන යන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 690 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site