ග්‍රහකයකින් පස් සාම්පල රැගෙන ඒමේ අරමුණින්, චීනය රොබෝ ගවේෂණ යානයක් පිටත් කළේය.
මෙම මෙහෙයුම පසුපස සිටින්නේ, චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනයයි. චීනය ග්‍රහකයකින් සාම්පල ලබා ගැනීමට රොබෝ යානයක් පිටත් කළ පළමු අවස්ථාව මෙයයි.
මෙම රොබෝ යානය නම් කර ඇත්තේ ‘ටියැංවෙන් 2’ යන නමිනි. ‘ටියැංවෙන් 2’ යානය රැගත් ‘ලෝංග් මාච් 3 බී’ නමැති ප්‍රබල රොකට්ටුව, අලුයම 1.31 ට ගිණිකොනදිග චීනයේ සිචුවාන් පළාතේ පිහිටි ‘සීචැංග් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් විය.
‘ටියැංවෙන් 2’ යානයේ ඉලක්කය වන්නේ, ‘469219 කාමෝ ඔලේවා’නමැති ග්‍රහකයයි. තාරකා විද්‍යාඥයන් මෙම ග්‍රහකය සොයා ගනු ලැබුවේ 2016 දීය. එහෙයින් මෙම ග්‍රහකය ‘2016එච්.ඕ.3’ යන නමින් ද හැඳින්වෙයි.
මෙම ග්‍රහකය ලබන වසරේ දී, එනම් 2026 දී, පෘථිවියට ආසන්න වෙයි. ග්‍රකය පෘථිවිය අසලින් යනු ඇත්තේ කිලෝ මීටර් මිලියන 16 ක දුරකිනි. ‘469219 කාමෝ ඔලේවා’ ග්‍රහකය, සඳුගෙන් වෙන් වුණු කැබැල්ලක් බව පැවැසෙයි. මෙය පෘථිවිය අසලින් යන්නේ 2026 වසරේ ජූලි මාසයේය.
චීන විද්‍යාඥයන් පවසන්නේ, ‘ටියැංවෙන් 2’ යානය, ලබන වසරේ දී ‘469219 කාමෝ ඔලේවා’ ග්‍රහකයට ළං වී එය සමඟ ගමන් කරනු ඇති බවත්, 2027 නොවැම්බරයේ දී යානය ග්‍රකයට පතිත කරනු ඇති බවත්ය.
ග්‍රහකවලට රොබෝ යානා යවා, ඒවායින් පස් සාම්පල ලබා ගැනීමට හැකි වුණු රටවල් සිටින්නේ දෙකක් පමණි. ඒ, ඇමෙරිකාව සහ ජපානයයි. චීනය මෙම වික්‍රමය සාර්ථකව නිම කළහොත්, එය අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් චීනය ලබන විශාල ජයග්‍රහණයක් වනු ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ග්‍රහකයකින් සාම්පල ගේන්න රොබෝ යානයක් යවයි