IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගර්භාෂයේ යෝද ගෙඩිය ඉවත්කරයි

ස්පාඤ්ඤ කාන්තාවකගේ ගර්භාෂයේ තිබී රාත්තල් 55 ක් බරැති යෝධ ගෙඩියක් ඉවත් කළ බව එරට ශල්‍ය වෛද්‍යවරු පිරිසක් කියති. පැය දෙකක ශල්‍යකර්මයකින් ඉවත්කරන විට ගෙඩිය සෙන්ටිමීටර 41ක් වර්ධනය වී තිබිණි.

වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානි ඉඩුඅර්ඩෝ කැසෝර්ලා පවසන්නේ වසර විස්සක සිය වෘත්තීය දිවියේ මෙවැනි ගෙඩියක් දුටු පළමු අවස්ථාව බවයි. ලොව මෙවැනි ගෙඩි වාර්තා වී ඇත්තේ පහක් පමණක් බව ද ඒ සියල්ල පරයා මෙය විශාල බව ද ඔහු කියයි. ගෙඩිය ඉවත්කිරීමේ දී ගර්භාෂ්‍ය, ඩිම්බ කෝෂ සහ පැලෝපීය නාල ද ඉවත්කිරීමට සිදුව ඇත.

සිරුර බර වැඩිවීම , උදරේ වේදනාව, වැසිකිලි යාමේ දී ඇති වන අපහසුතා, නින්ද නොයාම, හුස්ම ගැනීමේ අපහසුතා, ඇවිදිමේ අපහසුතා හේතුවෙන් කරන ලද වෛද්‍ය පරීක්ෂණයක දී මේ ගෙඩිය ගැන මුළින්ම සොයාගෙන තිබේ. වෛද්‍යවරු පවසන්නේ යළි ඇගේ සිරුරේ එවැනි ගෙඩියක් වර්ධනය නොවනු ඇති බවයි.

 



අදහස් (0)

ගර්භාෂයේ යෝද ගෙඩිය ඉවත්කරයි

කුමාරණ Friday, 06 December 2013 11:50 PM

මේවා දකිනකොට කාට නම් සසර කලකිරිමකින් තොරව ජිවත් වෙන්න පුලුවන්ද?සියලු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා ,නිවන් දකිත්වා. (නදී)

:       0       0

මදූ Saturday, 07 December 2013 01:59 PM

මේ වේද දුරු වන්ට මගේ ප්‍රණාමය ! (නදී)

:       0       0

ශාන්ති Saturday, 07 December 2013 01:20 AM

අම්මෝ දැක්කමත් බය හිතෙනවා.(නදී)

:       0       0

සමන් කුමාර Monday, 09 December 2013 04:33 AM

සත්‍යා, මෝඩ කතා කියන්න එපා. ඇමතිවරුන්ට කොයින්ද ගර්භාෂ? (නි)

:       0       0

සත්‍යයා Saturday, 07 December 2013 08:43 AM

බඩ මහත අපේ මැති ඇමති වරුන්වත් මෙවැනි පරීක්ෂා වකට ලක් කර බලන්න ඕනේ. මේ තරම් මහත් වෙන්නේ බඩේ ගෙඩි හින්ද ද කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site