
ග්‍රීසියේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර, ග්‍රීසියේ මැතිවරණ කොමිසම නිවේදනය කළේ එරට අග්‍රාමාත්‍ය කිරියාකෝස් මිට්සෝටාකීස් සහ ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික ‘නව ප්‍රජාතන්ත්‍රවාදී’ පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළ බවය.
ලැබූ ජය සමරමින් අග්‍රාමාත්‍ය කිරියාකෝස් මිට්සෝටාකීස් මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් සහ තම පක්ෂය ග්‍රීක දේශපාලනයේ භූමි කම්පාවක් ඇති කිරීමට සමත් වුණු බවය. මෙවර මැතිවරණයේ දී ප්‍රධාන සාධක වූයේ ආර්ථිකය, විරැකියාව සහ ජාතික ආරක්ෂාව යන කරුණු තුනය.
ග්‍රීක විපක්ෂ නායක ලෙස කටයුතු කරන්නේ ඇලෙක්සි සිප්‍රාස්ය. අග්‍රාමාත්‍ය මිට්සෝටාකීස් සහ ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික ‘නව ප්‍රජාතන්ත්‍රවාදී’ පක්ෂයේ ජය තහවුරු වීමත් සමඟ ඇලෙක්සි සිප්‍රාස්, අග්‍රාමාත්‍ය මිට්සෝටාකීස්ට සුබ පැතුවේය. විපක්ෂ නායක ඇලෙක්සි සිප්‍රාස් නායකත්වය දෙන්නේ මධ්‍ය වාමාංශික ‘සිරිසා’ පක්ෂයටය.
ග්‍රීක පාර්ලිමේන්තුව ආසන 300 කින් සමන්විතය. බහුතරය සඳහා ආසන 151 ක් දිනා ගත යුතු වුවත්, අග්‍රාමාත්‍ය මිට්සෝටාකීස් සහ ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික ‘නව ප්‍රජාතන්ත්‍රවාදී’ පක්ෂය දිනා ගත්තේ ආසන 146 කි. කෙසේ නමුත් රජයක් පිහිටුවීමේ දී අග්‍රාමාත්‍යවරයාට පහසුවෙන් ම ඔහුට හිතවාදී කුඩා පක්ෂ හවුල් කර ගැනීමට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ග්‍රීක මහ මැතිවරණයෙන් අගමැති කිරියාකෝස්ට ජය