IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ගිනි අවි ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අමෙරිකාවට බිලියන 229 ක පාඩුවක්

ගිනි අවි ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අමෙරිකානු ආර්ථීකයට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 229 ක් අහිමි වන බව නවතම වාර්තාවකින් පෙන්වා දී තිබේ.

එය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.4 %ක ප්‍රමාණයකි.

ගිනි අවි මඟින් ඇතිවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වන ගිෆෝර්ඩ්ස් නීති මධ්‍යස්ථානයේ සහ ආබාධ පාලන මධ්‍යස්ථානවල දත්ත මෙම වාර්තාව සඳහා උපයෝගී කර ගෙන ඇත.

ගිනි අවි ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා අමෙරිකාවේ සුවිශේෂී සමාජ ගැටලුවක් බව වාර්තාව නිකුත් කළ ඒකාබද්ධ ආර්ථීක කමිටුවේ සභාපති කැරොලින් මැලෝනි මහත්මිය පැවසුවාය.

අමෙරිකාවේ පුද්ගලයින් ලක්ෂයකට ගිනි අවි ආශ්‍රිත මරණ 3.9 ක් වාර්තා වන බව ඇය පෙන්වා දුන්නාය. වෙනත් කාර්මික රටවල මෙම අගය මරණ එකකට වඩා අඩුය.

-226-

(නිව්යෝක් පෝස්ට් ඇසුරෙනි)



අදහස් (2)

ගිනි අවි ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අමෙරිකාවට බිලියන 229 ක පාඩුවක්

රවින් Friday, 20 September 2019 05:08 AM

ආයුධ නිසා ඇමරිකානු ආර්ථිකයට කීයක් එකතුවෙනවාද කියලත් පළ කලානම් තමා වඩාත් සුදුසු. ලෝකයේ රට රටවල අවුල් සහගත තත්වයන් හා ඇමරිකානු ආයුධ විකිණීම ගැන ප්‍රස්ථාරයක් එක්ක සංසන්දනය කළානම් වඩාත් පැහැදිලි අවබෝධයක් ලෝකයාට ලබාදිය හැකිවනු ඇත.

:       0       63

rim Saturday, 21 September 2019 08:41 AM

එතකොට ඔහෙලා ලෝකයේ අනිත් රටවල් වලට දෙන ආයුධ ගැන කතාකරන්නේ නැද්ද? තමන්ට දෙයක් වෙනකොට තමයි දැනෙන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 792 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site