මහත්මා ගාන්ධිතුමන් ඝාතනය කිරිම සහ එම සිද්ධිය පසුපස පැවති කුමන්ත්‍රණයේ සත්‍ය තොරතුරු සහ සිද්ධී මුල්කරගනිමින් නිෂ්පාදනය කෙරෙන අලුත්ම ජාත්‍යන්තර සිනමා පටයේ රුගත කිරීම් සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකාවේදී කිරීමට යයි.
හොලිවුඩ්හි "ඉන්ඩියානා ජෝන්ස්" ඇතුළු දැවැන්ත නිෂ්පාදන රැගෙන රුගත කිරීම් ලංකාවට ගෙනා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂකයකු වන චන්ද්‍ර රත්නම් මෙම නිෂ්පාදනයේ ශ්‍රී ලාංකික වැඩ කටයුතු භාරව කටයුතු කරයි.
"සූර්යග්‍රහණය" නම්වූ මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරු වන්නේ සම්මානනීය ඇල්ජිරියා සිනමාකරුවකු වන කරීම් ට්‍රයිඩියා සමඟ ඉන්දියා ජාතික පන්කජ් සේගල්ය.
ජාත්‍යන්තර නළු නිළියන් රැසක් චරිත මවන මෙහි සුපිරි බොලිවුඩ් නළුවන් වන ඕම් පුරි, නසීර් සහ නාරායන් මහදේවන් ප්‍රධාන චරිත සඳහා ගනු ලැබ සිටිති.
චන්ද්‍රරත්නම් සමඟ එහි සම නිෂ්පාදන කටයුතු සඳහා සම්බන්ධ වන්නේ ඩුබායිහි නුගෙන් මාධ්‍ය ආයතනයයි. මෙහි ප්‍රධාන චරිත මෙන්ම සුළු චරිත සඳහා පෙනී සිටීමට ශ්‍රී ලංකාවේ බොහෝ ශිල්පින් හට අවස්ථාව ලබාදීමට නිෂ්පාදකවරු බලාපොරොත්තු වෙති.
ඉන්දියා නිදහස් අරගලයේ එක් අභාග්‍යසම්පන්න පැතිකඩක්වූ පකිස්තානය වෙන් වු වකවානුවේ පැවති පැති වාතාවරණය පසුබිම් කොට චිත්‍රපටය නිපදවයි. මහත්මා ගාන්ධි ඝාතනය කිරීම සඳහා කිසියම් කණ්ඩායමක් සිදුකළ කුමන්ත්‍රණයක් නව දිල්ලියේ, බෝම්බයේ සහ පුනා නගරයේ ජ්‍යෙෂ්ඨ රහස් පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු සොයා ගනු ලැබීමත්, ඉන්පසුව ඔවුන් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළත් වටා සැබෑ තොරතුරු මුල්කොට මෙහි කතාව ගොඩනඟා ඇත.
ප්‍රවීණ කැමරා ශිල්පියකු වන අජායන් වින්සන්ට් කැමරා ශිල්පියාය. සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රශාන්ත් පිල්ලේය.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාන්ධි චිත්‍රපටයේ රූගත කිරිම් ලංකාවේ
හසන් Thursday, 11 February 2016 09:21 AM
හොඳ අදහසක් නොවේ. (ර)