IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගාන්ධි අනුගාමික හසාරේ යළි උපවාසයකට සැරැසේ

රටේ සිදුවන දුෂණ වංචා නැවැත්වීමට නීති සකස් කිරීමට කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ ඉන්දීය රජය අපොහොසත් වී ඇතැයි පවසමින් ගාන්ධි අනුගාමික අන්නා හසාරේ යළිත් වරක් නවදිල්ලි අගනුවර උපවාසයක් කිරීමට සැරැසෙයි. රටේ සිදුවන දුෂණ වංචා නැවැත්වීමට අගමැති මන්මෝහන් සිංගේ රජයට කිසිදු වුවමනාවක් නැතැයි කියමින් හසාරේ පෙරේදා (25) නවදිල්ලි නුවර දැවැන්ත විරෝධතා රැලියක් ද පැවැත්වීය. ඊට දහස් ගණනක් සහභාගී වූ බව නවදිල්ලි පොලිසිය පැවසීය. විරෝධතා රැලියට සහභාගීවූවන් අමතමින් හසාරේ කියා සිටියේ ලබන 29 වැනිදා සිට ඔහු රජයට එරෙහි යළිත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවය. හසාරේ (79) මීට පෙර අවස්ථා කිහිපයකදීද උපවාස කරමින් ඉන්දීය අගමැති මන්මෝහන් සිං ප‍්‍රමුඛ රජයට බල කළේ රජයේ දුෂණ වංචා නැවැත්වීමට වහා පියවර ගන්නා ලෙසටය. ඉකුත් වසරේ අගෝස්තුවේ ඔහු දින 12 ක උපවාසයක නියැලූණු අතර එය අවසන් වූයේ ඉන්දීය අගමැති සිං මැදිහත්වී දුෂණ වංචා විරෝධී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පොරොන්දුවක් දීමෙනි. ‘ලොක්පාල්’ යනුවෙන් නම් කෙරුණු එම පනත් කෙටුම්පත ඉන්දීය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් පසුවය. එහෙත් එරට විපක්ෂ කණ්ඩායම්වලින් සහ සිවිල් කි‍්‍රයාකාරීන්ගෙන් විරෝධයක් ඊට එල්ල වූ අතර උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ ද අනුමැතිය ඊට හිමි නොවිණි. දුෂණ වංචා නැවැත්වීමේ අරමුණ ඇතිව පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තු කොමසාරිස්වරයකුගේ ප‍්‍රධානත්වයෙන් මණ්ඩලයක් පත් කිරීම ‘ලොක්පාල්’ පනත් කෙටුම්පතේ අරමුණ වේ. අධිකරණ ක්ෂේත‍්‍රයේ ඉහළම තනතුරක් දරන අයකු කොමසාරිස්වරයා ලෙස තෝරා ගැනීමටත් ඔහුගේ සහායට තවත් අධිකරණ ක්ෂේත‍්‍රයේ නිලධාරීන් දස දෙනකු තෝරා ගැනීමටත් නියමිතව ඇත. මණ්ඩලයේ තීන්දු අභිබවා යෑමට නොහැකි ආකාරයේ බලතල ද ඊට හිමි වේ. කිසියම් හෝ අකටයුත්තක්, දුෂණ වංචාවක් සිදුවේ නම් ඉන්දීය මධ්‍යම රජයේ ඇමැතිවරුන්ට, රජයේ ජ්‍යෙෂ්ට නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කිරීමට මෙම නව පනත් කෙටුම්පත යටතේ ඉන්දීය ජනතාවට අවසර ලැබේ. කෙටුම්පත පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් අවස්ථාවේ ඉන්දීය සිවිල් කි‍්‍රයාකාරීන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ කොමසාරිස්වරයාගේ තනතුර සඳහා කෙනකු තෝරා ගැනීමේ දී සැලකිල්ලට භාජන කරන්නන්ගේ ලැයිස්තුවට ප‍්‍රාන්ත අගමැතිවරුන් සහ රජයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් ද ඇතුළත් කළ යුතු බවය. පනත කෙටුම්පත් කිරීමේදී තමන්ගේ අදහස් විමසා බැලූ නමුත් පසුව එම අදහස් සැලකිල්ලට නොගෙන පනත කෙටුම්පත් කර ඇතැයි ඉන්දීය සිවිල් කි‍්‍රයාකීරීහු ද රජයට චෝදනා කරති. පනත කෙටුම්පත් කිරීමට සහාය දී ඇත්තේ ද හසාරේය. නමුත් හසාරේ චෝදනා කරන්නේ ඔහුගේ අනුදැනුමකින් තොරව එම පනත් කෙටුම්පත ඉතා දුර්වල අන්දමට සකස් කර ඇති බවය.



අදහස් (0)

ගාන්ධි අනුගාමික හසාරේ යළි උපවාසයකට සැරැසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 32 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site