IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගාන්ධිගේ ඝාතනයට සිරදඬුවම් විඳින නලිනිට මාසයක නිවාඩුවක්

සිය දියණියගේ විවාහ මංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ චෝදනාවට වරදකාරිය වී සිරදඬුවම් ලබන නලිනි ශ්‍රීහරන් අද (25) බන්ධනාගාරයෙන් නික්ම ගියාය. 

දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතුවලට සහභාගී වීම සඳහා අවසර දෙන්නැයි කරන ලද ඉල්ලීමක් සලකා බලමින් චෙන්නායි මහ අධිකරණය මේ මස මුලදී නලිනිට දින 30ක සමා කාලයක් ලබා දුන්නේය.

නලිනි අද බන්ධනාගාරයෙන් නික්ම ගියේ ඒ අනුවය. ඉන්දියාවේ, දීර්ඝතම කාලයක් සිරදඬුවම් විඳින සිරකාරිනිය වන්නේ ද නලිනිය. 

මරාගෙන මැරෙන බෝම්බකාරිනියක එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි 1991 දී මරුමුවට පත්වූ අතර බෝම්බ ප්‍රහාරය සැලසුම් කිරීම, අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම යන චෝදනාවලට නලිනි ඇතුළු පිරිසක් වරදකරුවෝ වූහ. ඒ අනුව සිරදඬුවම් විඳින නලිනිගේ සිරදඬුවම් කාලය මේ වනවිට දශක තුනකට ආසන්න වේ.  

ඉන්දීය ජාතිකයකු වන නලිනි බෝම්බ ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගැනුණු අතර ඇයට අමතරව ඇයගේ සැමියා ඇතුළු තවත් 25 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද්දේ වයස අවුරුදු 20ක් නොපිරුණු තෙන්මෝෂී රාජරත්නම් නමැති බාල වයස්කාර තරුණියකි. 

රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් සියලු දෙනාට මරණ දඬුවම නියම වුව ද සෝනියා ගාන්ධි 2000 වසරේ කරන ලද අභියාචනයකට අනුව නලිනිගේ මරණ දඬුවම ජීවත කාලය දක්වා සිරදඬුවමක් ලෙසට ලිහිල් කරන ලදි. කෙසේ නමුත් රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වූ තිදෙනෙක් තවමත් මරණ දඬුවම ලැබීමට නියමිතව සිටිති. 

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී නලිනි ගැබිණියක වූ අතර ඇය සිරමැදිරිය තුළදී සිය දියණියට උපත දුන්නාය. ඇගේ දියණිය එක්සත් රාජධානියේ පුරවැසියකු මෙන්ම වෛද්‍යවරියක් ද වන්නීය. 

නලිනි දින 30ක් සඳහා නිදහස් කෙරුණේ වෙල්ලෝර් මධ්‍යම අධිකරණයෙනි. ඇයට මාධ්‍යට අදහස් දැක්වීම හෝ දේශපාලනයඥයන්ට කතා කිරීම තහනම් කිරීමට අධිකරණය පියවර ගත්තේය. 

මීට පෙර අවස්ථාවකදීද සිය පියාගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා නලිනිට කෙටි සමා කාලයක් ලබාදෙන ලදි. 

රජිව් ගාන්ධි 1984 සිට 1989 සිට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. ඔහු 1991 වසරේදී ඝාතනයට ලක්වූයේ මධ්‍යවාර මහ මැතිවරණ වෙනුවෙන් පැවැති ප්‍රචාරණ රැලියකට සහභාගී වී සිටියදීය. ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදා යැවීමට ඔහු ගත් තීරණය එලෙස ඔහු ඝාතනයට ලක්වීමට ප්‍රධාන වශයෙන් හේතුවිය. එල්.ටී.ටී.ඊ. සංවිධානය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කළ බව පසුව අනාවරණය විය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (1)

ගාන්ධිගේ ඝාතනයට සිරදඬුවම් විඳින නලිනිට මාසයක නිවාඩුවක්

Oscar Monday, 16 September 2019 04:28 AM

නියම වැඩේ නේද ? බලන් ඉන්න අදින් පස්සේ මේක දැකලා අපේ බන්ධනාගාරවල ඉන්න ඉහල පෙළේ අපරාධකරුවන් ගෙදර ගිහින් එන්න නිවාඩු ඉල්ලන්න පටන් ගනීවි. නැවත නොඑන නිවාඩුවක් වෙන්න පුළුවන්. ළඟදීම බලාපොරොත්තුවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site