IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගන්ගම් නැටුමෙන් ගුරුවරු අමාරුවේ

ගන්ගම් නැටුම නටන්නට ගොස් අමාරුවේ වැටී සිටිනා ගුරුවරුන් පිරිසක් ගැන බ්‍රිතාන්‍යයේ ලැන්ක්ෂයර් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ලැන්ක්ෂයර්හි ඇක්රින්ග්ටන්හි පිහිටි මවුන්ට් කැමල් දිවිතියීක පාසැලේ ගුරුවරුන් පිරිස හා පාසලේ සේවකයන් ඔවුන් ගන්ගම් ඌරුවට නටන නර්තනයන් ඇතුළත් වීඩියෝවක් පටිගත කර එය අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.ඔවුන් පවසන ආකාරයට වීඩියෝවේ අරමුණ වී ඇත්තේ ගුරුවරුන් යනු බිය විය යුතු පිරිසක් නොවන බව පෙන්වා දී ගුරු සිසු සබැදියාව ශක්තිමත් කිරීමයි.

වීඩියෝවේ පාසැල් බස් රථයේ තුළ,නාන කාමරයේ,අමුත්තන් පිළගැනීමේ ශාලාව තුළ ගන්ගම් ඌරුවට
නර්තනයේ යෙදෙනා ගුරුවරුන්ගේ දර්ශන අඩංගුය.

වීඩියොව මේ වන විට බොහෝ දෙනා නරඹා ඇති අතර පාසැලේ අධ්‍යන කටයුතු අධීක්ෂණය කරනා
බලධරයින්ද නැරඹූවන් අතර වේ.වීඩියෝව ඔවුන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇති අතර ඔවුන් පවසන්නේ ගුරුවරුන් ළමයින් ඉදිරියේ විහිළුවක් වී ඇති බවයි.ඇක්රින්ග්ටන් ප්‍රදේශයේ සිසුවන්ට මේ දිනවල මේ වීඩියෝව ගැන කතා කරනවා විනා වෙන රාජකාරියක් නොමැති බවත් එයින්ම ගුරුවරුන් පිරිස බාල්දුවී ඇති  තරම තේරුම්ගත හැකි බවත් බළධාරීන් කියයි.

කෙසේ වෙතත් පාසලේ විදුහල්පති ඇතුළු නර්තනයට සහභාගීවූ ගුරුවරු පිරිස පවසන්නේ මේ ගැන සිසුන්ගෙන් ඇත්තේ ධනාත්මක ප්‍රතිචාරයක් බවයි.ඔවුන් වෙනදාට වඩා තමන් සමග සහයෝගයෙන් කටයුතු කරන බවද ඔවුන් කියා සිටී.

මේ පිළිඹදව අදහස් පළකරමින් එක් මවක් සදහන් කර ඇත්තේ ඊළග ගුරුදෙගරු හමුවේදී තමා කෙලෙසක හැසිරිය යුතුද කියා දැන් තමාට අදහසක් නොමැති බවයි.එසේ වුවත් මෙය කිසිවෙකුටත් හානියක් සිදුනොකර ලබා ගත් වින්දනයක් ලෙස තමා දකින බවද ඇය පවසා ඇත.

 



අදහස් (0)

ගන්ගම් නැටුමෙන් ගුරුවරු අමාරුවේ

සුරංග Thursday, 03 January 2013 03:32 PM

අනේ මන්දා!(නු)

:       0       0

නිත්‍යා Thursday, 03 January 2013 09:35 AM

මොනවා වෙන්න හදනවද මන්දා (ස)

:       0       0

මහින්ද Wednesday, 02 January 2013 04:35 PM

මම නම් මේ නැටුමට කිසිම කැමැත්තක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site